නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 8079 දක්වා ඉහලට

corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන අට දහාසේ සිමාව ඉක්මවා ගොස් 8079 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබවද වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 24 කාලය තුලදි නුවරඑළිය මහනගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 06ක්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන්04ක්, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 02ක් වශයෙන් හමුව ඇති බවත්ය.

මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන්ට පි. සි. ආර්. පරික්ෂන සිදු කරන බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත සමස්ථ මරණ ගනන 148ක් වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts