පිළියන්දලින් ඩෙල්ටා මතුවෙයි

corona

පිළියන්දල, මිරිස්වත්ත ප්‍රදේශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු හමුවී ඇත.

මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයකු බව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛය පරීක්ෂකවරයා සඳහන් කළේය.

පසුගිය 09 වැනිදා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙරටින් හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේද ආසාදිතයන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts