චන්දිමාල්ටයි පියුමිටයි වැඩ වරදී

chandimaland-piumi

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

මේ අතර එම සාදයට පුද්ගලයින් 25-30ත් අතර ප්‍රමාණයක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අත්අඩංගුවට පත් සැකකාරිය හා සැකකරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද කියා සිටියේය.

සෞඛ්‍ය උපමාන උල්ලංඝනය කිරීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 264 වගන්තිය යටතේ ඉදිරියේදී චෝදනා ගොනුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts