පොසොන් පොහොය පිංකම ජනාධිපති සහභාගිත්වයෙන් පැවත්වෙයි

අනුබුදු මිහිදු මාහිපානන්ගේ ලංකා ගමනය සිහිපත් කෙරෙන 2329 වන පොසොන් පොහොය පිංකම අති පූජනීය මහානායක අනුනායක හා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ අනුශාෂනාව පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් ප්‍රථමවරට උත්සවය සදහා අන්තර්ජාලය ඔස්සේ (සූම්-තාක්ෂනයෙන්) සම්බන්ධවන බවද මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසූහ.

2019 වසරේ සිට වසර තුවනක කාලයක් අඛණ්ඩව පොසොන් පිංකම ජන සහභාගිත්වයෙන් තොරව පැවත්වුණු අතර මෙවර පිංකම පැවත්වෙන ආකාරය සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් නාහිමිපානන් මේ බව පැවසූහ.

එහිදි වැඩිදුරටත් අනුශාෂනාවක් කළ නාහිමිපානන්.සියළුම නිරෝධායන නීතිවලට අනුව අතිගරු ජනාධිපතිතුමා පොසොන් පොහොය දිනයේ විහාරස්ථානයේ සිදුකරනා චාරිත්‍ර වාරිත්‍ර පිංකම් වලට සහභාගිවීමට නියමිතයි.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු මැති ඇමතිවරුන් මහා සංඝරත්නය Zoom තාක්ෂනය ඔස්සේ පිංකමට සහභාගිවීමට නියමිතයි.

විශේෂයෙන්ම කියන්න ඕන කිසිම කෙනෙක් පොසොන් පොහොය කියලා නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විහාරස්ථාන කරා යන්න උත්සහ කරන්න එපා.වෙනදාටත් වඩා වැඩියෙන් විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය පොසොන් පිංකමේ වැදගත්කම පිළිබදව ජනතාව දැනුම්වත් කරනවා.ඒ වගේම පොසොන් පොහොය දිනයේ සියළුම ආගමික වතාවත් විද්‍යුත් මාධ්‍ය මගින් නිවසේ සිටම දැකබලා ගෙන ශ්‍රවණය කරමින් පෙහෙවස් සමාදම් වෙන්න පුළුවන්.

ලංකාවේ ඉන්න සෑම බෞද්ධයෙක්ම නිවසේ බෞද්ධ කොඩියක් දාන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.හැබැයි නිවැරදි විදියේ බෞද්ධ කොඩියක් පොසොන් සතියේ ප්‍රදර්ශනය කරන්න.

මිහිදු මාහිමිපානන්නට කෘතගුණ දක්වමින් ඉතා නිවැරදිම ආකාරයට පොසොන් පිංකම සිදුකරන්න පුළුවන් අවස්ථාව මේකයි.අපිට මරණානුස්සති භාවනාව වඩන්න අවශ්‍ය නෑ.මරණය කියන එක අපි සියළුම දෙනා ළගටම මේ අවස්ථාවේ ඇවිල්ලා තියනවා.

ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දීලා මේ අවස්ථාවේ ලෝකවාසි සියළුම දෙනා සුවපත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් පොසොන් පිංකම සිදුකරන්න ඕන.අපි බුද්ධාගමේ විකාශනයත් සමගම අවි ආයුද බිම තියලා ශික්ෂාකාමි විනය ගරුක හික්මීමක් ඇති ජාතියක් වශයෙන් පත්වෙලා අවසන්.එහෙම තියෙද්දි ඇතමුන්ගේ හැසිරීම ඇතමුන්ගේ විවේඡන දැක්කාම හරිම කණගාටුවක් ඇතිවෙනවා.

මේක ව්‍යසනයක් ඒ නිසා අපි කාටවත් දොස් කියමින් රජය විවේචනය කරමින් කටයුතු කිරීම ශික්ෂාකාමි ජාතියකට නොගැලපෙන කටයුත්තක්.මේ මස 20වනදා විහාරස්ථානයේ නේවාසිකව වැඩවසන මහාසංඝරත්නයේ මූලිකත්වයේ රථන සූත්‍ර පිරිත් සජ්ජායනවා සිදුකරන වායැයි උන්වහන්සේ පැවසුහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts