මධ්‍යස්ථාන 26 ක දී මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට

vee

මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද(15) දා සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 26 ක දී ආරම්භ කරන බවත් ගොවීන්ගේ ප්‍රමිතියෙන් යුත් වී කිලෝ 1000 සිට 5000දක්වා මිලදී ගැනීමේ හැකියාව පවතින බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.

මෙවර සියයට 14 ක තෙතමනය සහිත වී සඳහා නාඩු වී කිලෝව රුපියල් 50 බැගිනුත් සම්බා වී කිලෝව රුපියල් 52 ක බැගිනුත් මිලට ගැනීමට නියමිත බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

පොහොර සහනාධාරය ලැබූ ගොවීන්ගෙන් හෙක්ටයාර එකේ සිට එක හමාර දක්වා ගොවීන්ගෙන් වී කිලෝ 1000ක් ද හෙක්ටයාර්  එකහමාරට වැඩි ගොවීන්ගෙන් වී කිලෝ 1000 සිට 5000 දක්වා මිලට ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව

Related posts