corona1

බ්‍රිතාන්‍යයේ පැතිරීයන කොරෝනා නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් අපේ රටේ ප්‍රදේශ 4කින් හමුවී තිබෙන බව සෞඛ්‍ය අංශ හෙළිකලා.

ඔවුන් හදුනගෙන ඇත්තේ වව්නියාව, කොළඹ, අවිස්සාවේල්ල සහ බියගම යන ප්‍රදේශවලින්.

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට ප්‍රදේශ 4කින් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළා.

කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව හා බියගම යන ප්‍රදේශවලිනුයි මෙම පිරිස හමුවී ඇත්තේ.

රසායනාගාර වාර්තාවලට අනුව මෙම වෛරස් ප්‍රභේදය සදහා ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත භාවිත කළ හැකි බව චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සදහන් කළා.

Similar Posts