අනුරාධපුර හා පොළොන්නරුවෙන් කොවිඩ් ආසාධිතයන් 1959ක්

coronavirus news

සිංහල අළුත් අවුරුද්ද අවසානයත් සමග ආරම්භ වු නව කොවිඩ් 19 වෛරසයේ තෙවන රැල්ලට අනුව අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කොවිඩ් ආසාධිතයන් 1959 දෙනෙකු මේවනවිට හමුවි ඇති බව දෙපළාතේ වසංගත රෝග විද්‍යා අංශ තහවුරු කරන අතර දෙපළාත තුළ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩ් 19 ආසාධිතයන් සංඛ්‍යාව 23කි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලින් වෛරසය ආසාධිතවු රෝගින් හමුවි තිබෙනා අතර එම සංඛ්‍යාව 1454කි.පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමුවි ඇති රෝගින් සංඛයාව 505දෙනෙකු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 23ක ඇති ගම්මාන බොහොමයකින් රෝගින් වාර්ථාවි ඇති අතර මේවනවිට ස්වයං නිරෝධායන වන පිරිස 5800ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 4000ක් සහ කාන්තාවන් 1800ක පමණ ප්‍රමාණයක් සිටිනා බව පවසන සෞඛ්‍ය අංශ පවසන අතර පවතින රෝහල් හිගතාවය නිසා රෝගින් 120කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා වනවිට නිවෙස් වල ස්වයං නිරෝධායනය වෙමින් ප්‍රතිකාර ලබමින් සිටිනා බව වෛද්‍ය අංශ පවසයි.

අනුරාධපුර නගර ආශ්‍රීතව නිවෙස්වල සිටි විශ්‍රාමික හෙද නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකිරීමට පෙරම මරණයට පත්වු බව වෛද්‍ය අංශ තහවුරු කරයි.

පසුගිය හත අට යන දෙදින තුළදි අනුරාධපුර තුන්වන පියවරේ පදිංචි අයෙකු රෝහල් ගතකිරීමට රැගෙන එන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්වු අතර මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 62හැවරදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි තිබේ.

ඊට අමතරව අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය අංශ විශ්‍රාමික නිලධාරිනියක පානදුර කුලියාපිටිය කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් අනුරාධපුර මෙත්සිරිසෙවන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය දින කිහිපයේදි ජීවිතක්ෂයට පත්වි තිබේ.

අනුරාධපුර නාගරික බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගින් බහුලව හමුවෙමින් පවතින අතර මිහින්තලට රජරට විශ්ව විද්‍යාලය තඹුත්තේගම රාජාංගනය හෙරොව්පොතාන ඇතුළු නගර රැසකින් සැලකිය යුතු මට්ටමින් දෛයිනකව රෝගින් හමුවෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

අළුත් අවුරුදු පොකුරට අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් රෝගය වැලදුණු රෝගීන් 505 දෙනෙකු හමුවි තිබෙනා බව සෞඛ අංශ පවසයි.මේවනවිට තවදුරටත් රෝගින් 410දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබන අතර සුවවූ සංඛ්‍යාව 87කි.පුද්ගල මරණ 10ක් පොලොන්නරුව කොවිඩ් ප්‍රතිකාර ඒකක වලින්ද වාර්ථාවේ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….