කඩු පහරින් පුද්ගලයෙකු මරුට – ත්‍රීරෝද රථයත් ගිනිතබයි

death

කඩුවකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ ත්‍රීරෝද රථය ගිනිතබා විනාශ කිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දෙදරු පියෙකු ලබන මස(3දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා (19දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ හීනාබෝවාගම හිදෝගම ලිපිනයේ පදිංචි එච්.බී.වීරසූරිය යන සැකකරුයි.ඝාතනයට ලක්වි තිබුණේ හීනාබෝවගම හිදෝගම ලිපිනයේ පදිංචිව සිටි විවාහක 45 හැවරදි රන්දේවයාලගේ මහින්ද නැමත්තායි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ හිදෝගම පොලිසියේ අපරාධ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ දිගු කළක සිට පවතින අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඝාතනය සිදුව තිබෙනා බවයි.

මරණකරු සැකකරුගේ නිවසට ආසන්නයෙන් පදිංචිව සිටිනා බවත් ඔහු සැකකරුගේ බිරිද සමග කලක සිට අනියම් සබධතාවක් පවත්වා තිබෙනා බවත් ඔහු විටින් විට ඝාතනය සිදුකළ සැකකරු අවඥාවට ලක්කරමින් කටයුතු කිරීම නිසා සැකකරු ඊට දැඩි කෝපයෙන් සිට ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවු බව අධිකරණයට දැන්වූවේය.

මරණකරු විසින් සිද්ධියවූ දිනයේ සැකකරුට මම උඹේ ගෑනිව ත්‍රීවිල් එකේ දාගෙන යනවා යනුවෙන් පවසා තිබෙනා බවත් ඉන්කෝපව සිටි සැකකරු මරණකරු ත්‍රීරෝද රථයෙන් නිවස දෙසට පැමිණෙමින් සිටියදි රථය නවතා කඩුවකින් අමානුෂික අන්දමින් පහරදි ඇති බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

සැකකරු මරණකරුට ත්‍රීරෝද රථය තුලදීම පහරදි ඇති බවත් ඔහු ප්‍රහාරයෙන් බේරීම සදහා ඉන් ඉවතට පැන දිව යන අවස්ථාවේ බිම ඇදවැටී ඇති බවත් ඒ අවස්ථාවේ සැකකරු පසුපස පන්නාගෙන පැමිණ ඔහුට දරුණු ලෙස කඩු ප්‍රහාරයන් එල්ලකර තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.

පසුව ඝාතනය සිදුකළ පුද්ගලයා ත්‍රීරෝද රථය දෙසට පැමිණි අවස්ථාවේ ඔහුගේ රථයේ රියදුරු අසුනේ බිරිදගේ සායක් තිබෙන අයුරු දැක තවත් කෝපවී නිවසේ තණකොළ කපන මැෂිම ක්‍රියාත්මක කිරීමට ගෙනවිත් තිබූ පෙට්ට්‍රල් ඉන්දන බෝතලය රැගෙනවිත් රථයට හලා ත්‍රීරෝද රථයට ගිණි අවුළුවා විනාශ කර තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

නඩු භාණ්ඩ වශයෙන් කඩුවක් සැකකරු ඇද සිටි ලේ තැවරුනු ඇදුම් ඝාතනයට ලක්වු පුද්ගලයාගේ ඇදුම් ගින්නෙන් විනාශවු ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වුවේය‍ෙ.සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදුකරනා ලෙස හිදෝගම පොලිසියට නියෝග කළ විනිසුරුවරයා මරණ පරික්ෂණ සාක්ෂි ඉදිරි දිනයේ කැදවන ලෙස පොලිසියට නියෝග කළේය.

එමෙන් ඝාතනයට ලක්වු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට විනිසුරුවරයා විසින් නියෝග කළේය.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ බිරිද වසර කිහිපයක කාලයක් විදේශතව සිටින බවත් ඔහු එම අවධියේ සිට සැකකරුගේ බිරිද සමග අනියම් සබධතාවය පවත්වා තිබෙනා බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවි තිබුණි.

හිදෝගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.පී.ජේ.එස් කොස්තා මහතාගේ උපදෙස් මත අපරාධ නඩු මෙහෙයුම් අංශය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….