මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට සැලසුම්

gotabahaya

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කරන ලෙසත් මෙරටදී නිපද විය හැකි යන්ත්‍ර සූත්‍ර වේ නම් ඒවා රජයේ කර්මාන්ත ශාලාව හා යුද හමුදා ඉංජිනේරු බලකාය මාර්ගයෙන් නිෂ්පාදනය කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළක් යොදන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ දැනුම් දුන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු රේඛීය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් හා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.

පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදු කිරීම කෙරෙහි ජනපතිවරයාගේ අවධානය මෙහිදී යොමු විය .

එම පළාත් පාලන ආයතන වලට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගන්නා ලෙසත් ඊට සමෘද්ධිලාභීන් දායක කර ගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනඟා ගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

ගොවියාට හිඟයකින් තොරව කාබනික පොහොර ලබාදීම අනිවාර්ය බවද රාජපක්ෂ මහතා කීය .

කාබනික පොහොර සම්පූර්ණ ප්‍රමාණය මෙරට දී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් යම් අඩුවක් සිදු වුවහොත් රජය මගින් ගෙන්වා ගබඩා කර තබා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

පස පරික්ෂා කිරීමෙන් පසු ගොවීන්ට අවශ්‍ය කාබනික පෝර නිකුත් කරන බවත්පස පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය උපකරණ දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවියාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන්ගොවීන් දැනුවත් කිරීම සඳහා මුද්‍රිත උපදෙස් මාලාවක් ලබා දීමට ද මෙහිදී තීරණය විය.

පසු පරික්ෂා කිරීමේ උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිල වශයෙන් භාර දීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය .

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම් ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරු ද කෘෂිකර්ම අමාත්‍යාංශය හා රේඛීය රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ .

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….