කොරෝනා අස්සේ මත්පැන් පෙරා වැඩ වරද්ද ගනියි

පාදුක්ක පොලිස් වසමේ පුසඇළී මාවත ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුල රහසිගතව හොර රහසේ පවත්වාගෙන ගිය හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එම ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සහ හොර මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වූ බව පොලිසිය පැවසීය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් කිහිප විටක්ම පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇතත් පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිට එම ස්ථානයේ හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් නැති බවට සනාථ වන අන්දමින් එය පවත්වා ගෙන ගොස් ඇති බවත් පොලීසිය පැවසීය.
නුගේගොඩ දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන් විසින් උපාය දුතයෙකු යොදවා සිදුකළ පරීක්ෂණයකදී ප්‍රධාන සැකකරු ඇතුළුව මත්පැන් නිෂ්පාදනාගාරය වැටලීමට හැකි වූ බවද පොලීසිය පවසයි.
මෙම වැටලීමේදී හොර මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගොඩා මිලිලීටර් පන්ලක්ෂ තිස්දහසක් සහ තඹ දඟරයක්, ගෑස් උදුනක්, ගෑස් සිලින්ඩර්, හොර මත්පැන් ගබඩා කිරීමට යොදා ගන්නා ප්ලාස්ටික් බූලී රාශියක් පොලිස් භාරයට ගත් බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරු ගලගෙදර පාදුක්ක ප්‍රදේශයේ පදිංචි (52) හැවිරිදි පුද්ගලයෙක් බවත් මෙම ස්ථානයේ නිෂ්පාදනය කරන හොර මත්පැන් පාදුක්ක, වටරැක, මීගොඩ වැනි ප්‍රදේශයන්හි ගැනුම්කරුවන්ට ලබාදී ඇති බවත් පොලීසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණයවූ බව ද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක නුගේගොඩ කොට්ඨාස දිසා දූෂණ මර්දන මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජන ශාන්ත කහටදෙනිය උපදෙස් හා මෙහෙයවීම මත  පොලිස් සැරයන් 54478 වසන්ත, 41127 රුවන්, 66480 ඉන්දික, පොලිස් කොස්තාපල් 71854 ලියනගේ, 12002 අබේධීර යන නිලධාරින් විසින් සිදුකරනු ලබයි.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….