ජිවිතයක් අහිමි කල බණ්ඩක්කා

bandakka

සිය ගොවි බිමේ බණ්ඩක්කා වගාවක අස්වනු නෙලීමට ගිය ගොවි මහතෙකු වගා බිමට  අනවසරයෙන් ඇද තිබූ  අධිබල විදුලි ‍රැහැනක වැදී  පෙරේදා (05) සවස මියගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇළහැර,කුඩාගම,අංක 359 හි පදිංචිව සිටි කේ.ජී.අනූෂ ප්‍රියන්ත පුෂ්පකුමාර (46) නම් දෙදරු පියෙකි.

පොලිසිය පවසන අන්දමට පෙරේදා (05) සවස මියගිය අය වෙනත් පුද්ගලයෙකුගෙන් ඉල්ලාගෙන වගා කළ ගොවි බිමක බණ්ඩක්කා අස්වනු නෙලීමට ගොස් ඇති අතර එම අස්වනු නෙලන අතරතුර අනවසර විදුලි ‍රැහැනක පැටලී  අනතුරට ලක්ව ඇත.

මෙම අනවසර විදුලි ‍රැහැන ඇද තිබුණේ කවුරුන් විසින්ද  යන්නත් ඉද්ධිය සම්බන්ධයෙනුත් පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයි බකමූණ පොලිසිය කියයි.පින්තූරයේ දැක්වෙන්නේ මිය ගිය අයයි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Related posts