ජපනත් පරදන ස්ප්‍රිං රෝහණගේ කතාව

හෝමාගම, රෝහණ ලියනගේ මහතා මෝටර් සයිකල්, ත්‍රීවීලර් සහ ජපන් වාහන සඳහා උසස් තත්ත්වයේ ස්ප්‍රිං නිෂ්පාදනය කරන දක්ෂ කාර්මික ශිල්පියෙකි. ඔහුගේ දිරිය කතාවයි මේ.

ගුණාත්මක නිෂ්පාදනයේ රහස 

“මගේ ව්‍යාපාරය වන්නේ ස්ප්‍රිං නිෂ්පාදනය කිරීම සහ ඒවා අලෙවි කිරීමයි”. වාහන වර්ගය අනුව ස්ප්‍රිං වල ප්‍රමාණය, දිග සහ ස්ථිරතාවය නිවැරදිව නිපදවීම සඳහා ඔහු සතුව දශක ගණනක පළපුරුද්දක් පවතී. “ස්ප්‍රිං එකක් නිපදවීමේදී වැදගත්ම කරුණ වන්නේ නිවැරදි ටෙන්ෂන් යෙදීමයි. මෙය දිගු කාලීන අත්දැකීම් නැතිව කළ නොහැකියි”. වාහන සඳහා පමණක් නොව යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ස්ප්‍රිං සහ තාක්ෂණික උපදෙස් ද ඔහු සපයයි.

ස්ප්‍රිං එකක් නිපදවීමට විනාඩි කිහිපයේ සිට මිනිත්තු 15 දක්වා කාලය ගතවන අතර,සමහර නිෂ්පාදන ආයතන අපේ ආයතනයට පැමිණිලා ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ස්ප්‍රිං නිෂ්පාදනය කරගනු ලබනවා.

පරම්පරාගත ව්‍යාපාරයක්

මෙම ව්‍යාපාරයේ ආරම්භය 1979 දී ඔහුගේ පියා වන නිමල් ලියනගේ විසින් සිදු කරන ලදී. එකල ඔහු මෝටර් සයිකල් සහ ට්‍රැක්ටර් සඳහා අමතර කොටස් නිපදවූ අතර ඒවා යාපනය, අනුරාධපුරය වැනි දුරස්ථ ප්‍රදේශවලට රැගෙන ගොස් අලෙවි කළේය. රෝහණ ලියනගේ වයස අවුරුදු 6 දී පටන් ගමන් පාසල් යන අතරතුර පියාගේ ව්‍යාපාරයට සහය විය.

2004 දී රෝහණ ලියනගේ ස්වකීය ස්ප්‍රිං නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කළේය. මුල් කාලයේ බස් රථවලින් ගමන් කරමින් අනුරාධපුරය, යාපනය, ගාල්ල, මාතර වැනි ප්‍රදේශවලට ගොස් අලෙවි කළ අතර පසුව ත්‍රීරෝද රථ භාවිතා කරමින් ව්‍යාපාරය ව්‍යාප්ත කළේය. රට පුරා ඇති වාහන අමතර කොටස් වෙළඳසැල්වලට ඔහුගේ නිෂ්පාදන සැපයීය. රජයේ ආධාර නොමැතිව මෙම ව්‍යාපාරය කරගෙන යාමට ඔහුට සිදු විය.

විදේශගත වීම සහ නැවත ආරම්භය

2006 දී මූල්‍යමය අභියෝග හමුවේ කොරියාවට ගොස් රැකියාවක් ලබා ගත්තේය. 2012 දී ආපසු පැමිණි ඔහු විදේශීය ස්ප්‍රිං ආනයනය හමුවේ තම නිෂ්පාදනවලට ඇති වූ අඩු ඉල්ලුම නිසා 2016 දී නැවත කොරියාවට ගියේය. එහිදී ඔහුට විශාල ස්ප්‍රිං නිෂ්පාදන ආයතනයක රැකියාවක් ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ භාවිතා වන ඉන්දියානු කම්බිවලට වඩා ගුණාත්මක කොරියානු කම්බි භාවිතයට ගැනීමට හැකියාව ලැබුණි. 2022 දී ආපසු ලංකාවට පැමිණ නැවතත් ව්‍යාපාරය ආරම්භ කළේය.

තාක්ෂණය සහ අලුත්වැඩියා

ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා ඔහු වෙබ් අඩවියක් නිර්මාණය කළ අතර, කොවිඩ් වසංගත කාලයේදී එමගින් වැඩි ඇණවුම් ලැබුණි. “ඇණවුම් ඉතා ඉහළ යාම නිසා අලෙවිසැල්වලට ගොස් ඇණවුම් ගැනීමට පවා වෙලාව නොතිබුණි” ඔහු කියයි. අද වන විට දුරකථන, WhatsApp, වෙබ් අඩවිය සහ කුරියර් සේවා මගින් ඔහුගේ ව්‍යාපාර කටයුතු සිදු කරයි.

ව්‍යාපාරයේ රහස්

කාලයට බාරදීම – නියමිත කාලයට නිෂ්පාදන ලබා දීම අත්‍යවශ්‍ය වේ.

සියලු ඇණවුම් පිළිගැනීම – ග්‍රෑම් 50 හෝ 10 වැනි කුඩා ඇණවුම් පවා ප්‍රතික්ෂේප නොකිරීම.

ගුණාත්මක භාවය – අමුද්‍රව්‍ය ගුණාත්මක නොවුවද, නිවැරදි ටෙන්ෂන් යෙදීමෙන් ශක්තිමත් ස්ප්‍රිං නිපදවිය හැකිය.

විනිවිද මිල ගණන් – මිල ගණන් පැහැදිලිව තබා ගැනීම සහ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් පාරිභෝගිකයාගේ එකඟතාවයෙන් පමණක් මිල වැඩි කිරීම.

ස්වකීය විශ්වාසය – අන් අයගේ කැඩුණු ස්ප්‍රිං ඔහු වෙත ගෙන එන විට එය ඔහුගේ නිපුණතාවයට තහවුරුවක් ලෙස සලකයි.

අනාගත සැලසුම්
දැනට ඔහුගේ වැඩමුළුවේ සෘජුව සේවය කරන්නන් 4 දෙනෙකු සිටින අතර, ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් ස්ප්‍රිං නිෂ්පාදනය කරයි. ඉදිරියේදී තවත් යන්ත්‍ර ස්ථාපනය කිරීම, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සහ අපනයන වෙළඳපොළට පිවිසීම ඔහුගේ ඉලක්කයයි.

රෝහණ ලියනගේගේ කතාව යනු නවෝත්පාදනය, අධිෂ්ඨානය සහ ගුණාත්මක භාවය පිළිබඳ ආදර්ශමය කථාවකි.

(ලිපියේ හිමිකරු – ඉරෝෂා දීපානි)

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….