තණමල්විල කොල්ලෙක් – මනෝ/දේශපාලනික කියවීමක් – ප්‍රසාද් මොහොට්ටි

“දරුවෙකුට අවශ්‍ය උනුසුම ගමෙන් නොලැබේ නම්, පසුව ඔහු උනුසුම සොයා ගම ගිනි තබනු ඇත” ~ ඉතියෝපියානු  ජන කියමනක්

මෙම කතාව  නැවතත් ගිනි තබන ලද ගමක් වන තණමල්විල ජන්ම ලාභය ලැබූ  කොල්ලන් සහ කෙල්ලන් රංචුවකගේ කතාවයි.

කාලය 88/89 භීෂණ​ සමය සහ පූර්ව නන්දිකඩාල් භීෂණ​ සමයයි. කතාව දිග හැරෙන්නෙ සාමාන්‍ය පෙළ විභාහගයේ ප්‍රතිපල නිකුත් වීම සමගය.

සියල්ල සා.පේ අසමත් වී ඇත. සා.පේ පොත් පත් පරන කඩදාසි වලට විකුනා ඔවුන් රස්තියාදු ගසමින්, පන්සල් යමින්, අරක්කු සිගරට් බොමින්, හොරෙන් වැලිගොඩ දැමීම හොර තුවක්කු සැදීම, වැනි දේ කරමින් බද්‍ර යෞවනය ගෙවා දමයි.

යෙහෙලියන් ගාමන්ට් රස්සාවද, බියුටි සැලුන් රස්සාවද උදෙසා ගමෙන් පිටමන් වන අතර, ආර්ථික පීඩනයෙන් මිදීමට කෙනෙක් රනවිරුවෙක් බවට පත්වේ.

කුලපීඩනය, දරිද්‍රතාවය වැනි මිනිසා විසින් නිර්මාණය කරන ලද සසර දුකින් මිදීම සඳහා තවත් යහලුවෙක්  කසාවත පොරවා ගනී.

කතා නායකයා දීප්ත ගමේ පාරම්පරික චිත්‍ර ගුරුන්වහන්සේගේ බාල පුත්‍රයාය. පියාමෙන් හුදකලා නැති ඔහු යහලුවන් සමග තණමල්විල නිදහසේ පියාඹයි.

දීප්තගේ ඉරනම තණමල් විල කොල්ලෙකුගේ සුපුරුදු ජීවිත රටාවෙන් වෙනස් වන්නේ යශෝදරා හමු වීමත් සමගයි. යශෝදරා දීප්තිට පොත් කියවීමටත් පාරම්පරික චිත්‍රකලාව ප්‍රගුන කිරීමටත් පෙළඹවීමක් ඇති කරයි. මෙම ආදරනීය මග පෙන්වීම නිසා දීප්ත කොලඹටත් ඉන් පසුව යුරෝපයටත් සිය හැකියාවන් ගෙන යයි.

චිත්‍ර කලාවේ ආභාශය දීප්තට ලැබෙන්නේ පියාගෙනි. ඔහු පාරම්පරික චිත්‍ර කර්මය භාවනාවක් කරගත් මුනිවරයෙක් වැනි චරිතයකි.  තම ගිහිගෙය, ගම සහ පන්සල අටලෝදහමෙන් කම්පනය වන අයුරු සිත්තර මඩුව තුල සිට උකටලීව බලා සිටි.

නිතර කලබල වන අම්මා, යුද බිමේ සිටින ලොකු පුතා වෙනුවන් සෝ ගිනි දරන්නීය.

ගිලන් හදවත් වලට ලයාන්විතව කියන කවි බන අසා කණකර දන් දෙන්නීය.

තාත්තා සියල්ල දකිමින් සියල්ල ඉවසමින් තණ්මල්විල පොලව මෙන් බලා සිටී.

වසර සිය ගනනක් මේ මහපොළවේ දේශීය දැනුම සහ ජිවිතය, මෙම දිරාපත් මහා වෘක්ෂය වන් තාත්තා නම් නොවේද?

මෙම අකම්පිත, මහා වෘක්ශයේ සාරය උරාගත් බීජ නැවත පල දරන්නට තණමල් විල නම් පුන්‍ය භූමියේ පින ප්‍රමානවත්ද?

තණමල් විල කොල්ලන් සහ කෙල්ලන් මෙන් නොව කොලඹ ඉපදෙන පින්වත් කුමර කුමරියන්ගේ පෙකනි වැල කැපෙන විටම තරඟය දිනා ඇත.

දීප්තට ඉගිලෙන්නට තටු ලබා දෙන්නේයශෝදරාගේ ආදරයයි. එම ආදරය විසින් දැනුම සහ ශික්ෂනය දීප්තට නොමසුරුව ලබා දේ. “ජීවිතේ කියන්නෙ අහස වගේ හිස් කැන්වස් එකක්, දීප්ත. ඒකෙ ඔයාට ඕන දෙයක් අඳින්න පුලුවන්” ජීවිතය යනු නිර්මාණය කල යුතු දෙයකි.

 

යශෝදරාගේ ගෙදර ඇගේ මුලු ජීවිතයම සංකේතාත්මකව ඉදිරිපත් කිරීම තිර රචනයේ සුවිශේෂ ලක්ෂනයකි. එය පාරම්පරික ප්‍රභූ බවේ සංකේතයකි.

පොත්පත්, මාක්ස් ලෙනින් මෙන්ම ඇන්.ඇම් ලාද බිත්ති වල ඇත. නමුත් දීප්තට ඒ වා නිකම්ම නිකන්  පින්තූර පමනි. පිරිමියෙක් නැති කුටුම්භයක වෙසෙන ඇය නිදහස් ය. දීප්ත ඉතාමත් සංයමයෙන් සිය ගෘහයට ඇතුල් කර ගනී. ආරාධනාව​ විටක විධානයකි.

මුලින් ඉස්තෝප්පුවේ සිට දීප්ත පිලිගන්නා ඇය පසුව ඉටිපන්දම් එලිය සමග රෑ කැමකට  ආරාධනය කරයි. ගෘහය යනු කාන්තාවයි, පුරුෂයා එයට බැඳ ගන්නේ ආදරයයි.

යශොදරාගේ මරනයෙන් පසු පාලුවට යන ගෙදර ළමා නිවාසයක් බවට පත්වේ. නාට්‍යයේ පෙන්වන ගෙවල්, මඩු, පන්සල්, අහස, පොලොව, ලවා කතා කියවීමෙන් නිර්මාණකරුවන් පෙළහර පායි.

යශෝදරාගේ අවසාන සමු ගැනීම ආදරය යනු නිර්වචනය කල නොහැකි දෙයක් බවට ඉඟි කරයි. මුල් වැලඳ ගැනීමෙන් විරාමයකට පසු යශෝදරා නැවතත් දීප්තගේ නලල සිප ගනී. නලල යනු සෘංගාර කලාප අතර දේශසීමාවද? මිනිසුන්ට දේශසීමා අවශ්‍යද?

යශොදරාගේ බැඳිම මවක්ගේ ආදරයක්ද? නැතහොත් ප්‍රේමනීය බැඳීමක්ද? ඒ දෙකේම සංයෝගයක්ද?

මෙම ප්‍රශ්නයේදී නිර්මාණකරුවා විසින් ප්‍රේක්ෂකයාට සිතන්නට අවස්තාවක් ලබා දේ.

ආදරයට අර්තදැක්වීමක් අවශ්‍ය වන්නේ හිමිකම්, අයිතිවාසිකම් සහ මමත්වය සොයන්නෙකුට පමනි. යශෝදරගෙ ආදරය නම් චිත්‍රයකි, එහි ලස්සන සහ අර්ථය ඔබට තේරුම් යන ආකාරයට විඳින්න.

දීප්ත ගැහැනුන් සමග කරන ගනුදෙනුව නිතර අපි දකින මාදිලියේ එකක් නොවේ.

සාමාන්‍යයෙන් අප දකින්නේ ධනය, බලය හෝ දැනුම සහිත පිරිමින් විසින් පුදන ලද ආදරය විඳින ගැහැනුන්ය. තණ්මල් විල කොල්ලාට හමුවන ගැහැනුන් සියල්ලම ඔහුට වඩා  ධනයෙන් සහ සමාජ තත්වයෙන් බලවන්තියෝය. පුරාන ගම් වල පිරිමින් බින්න විවාහ කරගත් ලෙස, දීප්ත තම සිත් තුල බින්න බස්සවා ගැනීමට නගරයේ කුලවමියෝ ස්නේහය උපදවා ගනිති.

දීප්ත යනු දරදඬු ආධිපත්‍යවාදී පිරිමියෙකු නොව, දීප්තට මතවාදයක් නැත.

සඛ්ඛාය දිට්ටිය මෙන්ම අනෙකුත් දෘෂ්ටිවාදයන්ද අපට ආදරය කිරීමේ අවකාශයන් අවහිර කරයි.ආදරය සහ කරුනාව සහෝදරත්වය හැරුන කොට ඔහු පාවෙන චරිතයකි.  දීප්ත නිහඩය,ආකෘතියකින් තොරයි. ආකෘතියෙන් තොර කලලයක් ගර්භාශය තුලට ගත හැක්කේ ගැහැනියකට නොවේද?

නිෂ්පාදන ක්‍රියාවලිය තුල පුරුශයා සිය අදිකාරී බලය පිහිට වූ දා සිට ගැහැනිය ගෘහස්ත කරනයටත් ප්‍රචඩත්වයත් (violence and domestication) යටත් කරන බව ස්ත්‍රීවාදී මතයයි.

තණමල් විල සුවපත් කල හැක්කේ ස්ත්‍රීවාදී දේශපාලනයකින්ද?

මේ අප දකින්නේ තණමල් විලින් අහසට නැගි තාත්තාගේ ආත්මයද?

තිර රචනය සහ දෙබස් අති විශිෂ්ටත්වයට පත්වෙන්නෙ දීප්තගේ මෙම ලක්ශන සියල්ල අපට පෙන්වන්නේ සෙසු චරිත සහ  දෙබස් හරහා වීමෙනි.

අඩුවෙන්ම කතා කරන්නේ දීප්තය.

යුද්ධය සරලව ගතහොත් තම ජීවිතය පරදුවට තබා තවත් මිනිස් ජීවිතයක් විනාශ කිරීමේ කාර්‍ය්යයි.

මිනිසුන් (අති බහුතරය පුරුෂයන්) විසින් නිර්මාණය කරන හේතු ගනනාවක එකතුවක් නිෂ්චිත මොහොතකදී යුද්ධයක් බවට පත්වේ. එම හේතූන් නිසා ඇතිවෙන ඵලය​ නම් කිසියම් දවසක මවක් විසින් ආදරයෙන් රැකබලා ගත් දරුවෙකු මරාදමයි.

 

සරලව ගතහොත් තිරස්චීන ක්‍රියාවක් වන යුද්ධයට පුරුෂයන් විසින් මතවාද නිර්මාණය කරයි. දකුනේදී රණ​ විරුවෙකි, ඕමන්තේ මුර පොලින් එහාට සතුරෙකි, කොළඹ මානව හිමිකම් සංවිධාන වලට මානව අයිතීන් කඩ කරන්නෙකි. මතවාදයන් ස්වාභාවික ආදරය විනාශ කරයි.

කිතුලාට දුක්කදෝමන්ස්ස වලින් ගැලවීමට එකම මග, හමුදාවට බැඳීමයි. මොරාල් එක සාදා ගැනීම (හෙවත්  මරන බිය අඩුකරගැනීමට) ඔහු තනි අලියා ගමන් කරන පාරේ බයිසිකල් පදී. උතුරේ හෝ දකුනේ මිය යෑමට හෝ මැරීමට කුමන නිල ඇඳුම ඇන්දත් එය තුල දුක්ක දෝමනස්ස, ආදරය, සහොදර ප්‍රේමය වැනි මානුශික හැඟීම හමුවේ ස්පන්දන වේගය වැඩිවන හදවතක් ඇත. හැම නිල ඇඳුමක් ඇතුලේ ආදරනීය කිතුලෙක් හෝ ලොකය්යියා කෙනෙක් ඇත.

ටෙලිනාට්‍යයේ සෑම විනාඩියක් පාසාම, ප්‍රේකශකයාට ආදරය විඳීමට අවකාශයක් නිර්මානය කර දීමයි. එහි කලු හෝ සුදු චරිත නැත. අම්මාගේ ආදරය මෙනි.

උදාහරනයක් ලෙස කැලුම්සිරිගේ මව පන්සලේ ලොකු හාමුදුරුවන්ට දාව දියනියක් ලබයි,මැදපෙරදිග රැකියාවට යන ඇයගේ මළසිරුර මව්බිමට පැමිනෙන්නෙ දරුණු සමාජරෝගයක සැකයකුත් සමගයි. සමාජ සම්මතය අනුව ඇය වෙසඟනකි. මෙම සමාජ සම්මත විනිශ්චය කිරීම් අමතක කර මිය ගිය මව වෙනුවෙන් කඳුලක් හෙලන්නට සලස්වයි.

එසේම ලොකු හාමුදුරුවෝ අපවත් වන මොහොතේ සිය දියනිය දැකීමේ ආසාවෙන් පෙලේ.

කාමය වරදවා හැසීරීම ගැන කියා මරනාසන්න මිනිසෙකුට දුකක් දීම වෙනුවට, තම බොක්කෙ යාළුවා වෙනුවෙන් කොල්ලන් එම පුණ්‍යකර්මයද​ ඉටු කරයි.

විනිශ්චය වෙනුවට මෛත්‍රිය කරුනාව දැක්වීම උතුම් ලක්‍ෂණයකි.

මරියා සිය විවාහයට පෙර දින සිය හිත දිනාගත් දීප්තගේ අතගෙන අල්තාරය දෙසට පියනගයි, ඒය නිවරදිද? එවැනි ප්‍රශ්න කුමකටද?

කතාව ගලා යෑමෙදී  ප්‍රේකශකයාට පසක් වෙන්නේ ආදරය කිරීමේ හැකියාව තමාසතු උපකරනයක් මිස අනුන් තනාදෙන උපකරනයක් නොවන බවයි. බුදුන් හෝ ඕශෝ කියා ඇත්තේ ආදරය සහ කරුනාව සියලු සංකත ධර්මයන්ගෙන් තොර වූ විට එය නියම ආදරය බවයි.

යුරෝපයේ සිට පියාගේ මළගමට පැමිනෙන විට තණමල්විල ආදරනීය බවෙන් තොර හිස් බිමකි. පියාගේ සොහොන අතර යුද්දෙදී මිය ගිය මිතුරාද, පිහි ඇනුම් කෑ සොහොයුරාගෙ සොහොනද සොයා යයි. පතොලයා සහ කූරා මිනී පෙට්ටි සාප්පුවක් දමා ඇත. ලොකු අය්යාගෙ හමුදා පෞරුශය ගිලිහී ආබාදිත වී ඇත.

පන්සල පාලුවට ගොස් ඇත, නමුත් කවි බන නැගලා යන බව කූරා පවසයි.

ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේ “මධ්‍යගත අරමුදලෙන්” ඔහුගේ නමින් තණමල්විලට ආදාහනාගාරයක් නොබෝ දිනකින් ඉඳි වේ. තණමල්විල සෑම තැනම මරනයේ සහ යුද්ධයේ සලකුනුය.

දීප්ත නැවත පියාගේ සිත්තර මඩුවට පියනගයි. පියා විසින් නිර්මාණය කල මුත් වැඩකට නොගෙන නිරාවරනය නොවූ පිලිමයක් දිරාගිය මඩුවේ ඇත.

ගමට එහා ලෝකය දුටු තණමල්විල කොල්ලා විසින් නිරාවරනය කරයි. ඒ වෙන කිසිවෙකු නොව, තම ජීවිතය මෙන් පුතු රකින, එකම පුතෙකු ඇති මවක් මෙන්, අප්‍රමාණ​ මෙත් සිත් පැතිරවීමේ මාර්ගය කියා දුන් ජීවකයාය.

colombotelegraph

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….