දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට

aresst

අධිකරණ නියෝග මත අනුරාධපුර අවන්ති දේවි බාලිකා නිවාසයේ රදවා සිටින දැරියන්ට යෝග ක්‍රියාකාරකම් හා මනෝඋපදේශන සේවා ලබාදිමට පැමිණ බාලවයස්කාර දැරියන්ට බරපතල ලිංගික අපයෝජනයන් සිදුකළ අමාත්‍යංශයක සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව අගවගන්නා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අනුරාධපුර උදය මාවත ලිපිනයේ පදිංචි 45 හැවරදි විවාහක පුද්ගලයෙකි.ඔහු අමතර පන්ති ගුරුවරයෙකු මනෝවිද්‍යා උපදේශකවරයෙකු අධ්‍යාපන අමාත්‍යංශයේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ඇතුළු විවිධ තනතුරු නිර්මානය කරගෙන සිටින පුද්ගලයෙකි.

අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ දරුවන්ට සිදුව තිබෙන බව කියන අකටයුතු කම් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර් යංශය සිදුකළ පරික්ෂන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා නඩු මෙහෙයුම් අංශය අධිකරණයට දැන්වූවේය.

ළමා හා කාන්තා පොලිස් නිලධාරින් වන ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිෂානි දිසානායක පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති යන නිලධාරිනියන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ පරික්ෂන වලදි ළමා නිවාසයේ රදවා සිටින දැරියන් තිදෙනෙකු ලබාදුන් ප්‍රකාශ වලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු යෝග ව්‍යායාම මානසික ආතතියට පත්ව සිටින දැරියන්ට මනෝවිද්‍යා උපදේශන සේවාවන් ලබාදෙන මුවාවෙන් එහි පැමිණ ඔවුන්ට සිදුවූ අතවරයන් පිළිබදව විස්තර අසමින් දැරියන්ව බරපතල ලිංගික අතවරයකට පත්කර තිබෙනා බවත් දැරියන් ඔවුන්ට සිදුවු සිදුවිම් අනාවරණය කරනා අවස්ථාවලදි සේවයේ නියුතු පාලිකාවන් එම කාමරයෙන් ඉවත්කර තිබෙනා බවත් පොලිසිය අධිකරණයට දැන්වූවේය.

එක් බාලවයස්කාර දැරියක විසින් පියාගෙන් සිදුවූ මානසික හා ශාරිරක පීඩා පිළිබදව අනාවරණය කරනා අවස්ථාවේ සැකකරු දැරියව බරපතල අපයෝජනයට ලක්කර තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වු අතර සැකකරු විසින් මෙවැනි සිද්ධින් දහයකට පමණ සම්බන්ධවි ඇති බවට සැකකරනා බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

ළමා නිවාසයේ දැරියන්ට සිදුවි ඇති බව කියන අකටයුතුකම් සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂන සිදුකර කරුණු ආනාවරණය කරගෙන ඉදිරි දිනයේ වැඩිදුර වාර්ථාවකින් අධිකරණයට දන්වන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ උපදෙස්මත ළමා හා කාන්තා පොලිස් නිලධාරිනියන් වන ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිෂානි දිසානායක පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති යන මහත්මීන්ගේ උපදෙස්මත පොලිස් සැරියන් දයානන්ද 23163 මහතා අධිකරණයට සැකකරු ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….