දිවයිනේ ප්‍රදේශ රැසක පෙරුම්කායන් හිගයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිංහල බෙහෙත් බඩු අළෙවිසැල් වල විෂබීජනාශකයක් වන පෙරුම්කායන් හිගයක් උද්ගතව තිබේ.

ශ්‍රි ලංකාවෙන් පළමු කොවිඩ්19  ආසාදිත රෝගියා හමුවීමත් සමඟ රට තුල මෙම වෛරසය ව්‍යාප්ත වීමේ බිය නිසා බොහෝ පුද්ගලයින් පෙරුම්කායන් පැලදීමට පෙළේඹි ඇති නිසාවෙනි.

අතිතයේ සිටම ශ්‍රී ලාංකික පුරවැසියන් කට වහරින් කියන “දෙයියන්ගේ ලෙඩ” කියා හදුන්වන වෛරස වැළදිමේන් ආරක්ෂාවීමට මෙම පෙරුම්කායන් ශරිරයේ පැළදීම සිදු කරයි.

ඒ හේතුව නිසාම බොහෝ පුද්ගලයන් කොරෝනා වෛරසයෙන් බේරිමට පෙරුම්කායන් පැළඳීමට පෙළඹී තිබේ.

Related posts