නිදහස් අධ්‍යපනයේ ඵල නෙලා ගැනීම (2) – බැසිල් ප‍්‍රනාන්දු

නිදහස් අධ්‍යාපනය නිසා ලාංකීය සමාජයේ යටි තලය මුලූමනින්ම වෙනස් විය. රට පුරාම සමාජ ජීවිතයෙහි සම්බන්ධ විය හැකි පමණට අධ්‍යාපණයක් ඇතිවීම නිසා ජන ජීවිතය තුල මහා පරිමාණ පරිවර්තනයක් සිදුවී හමාරය. මොනම ආකාරයකින්වත් අතුගා දැමිය නොහැකි පමණට මෙම සමාජ පරිවර්තනය සිදු වී ඇත.

රට පුරාම විවිධ ගම් වලින්, උප නගර වලින්, නගර වලින් ඇති වූ ජනතාව අතර විද්‍යාවන් පිලිබදව අවබෝධයක් ඇති කණ්ඩායම් පැතිරී පවති. වෛද්‍ය විද්‍යාව ඉංජිනේරු විද්‍යාව වැනි විද්‍යාවන් පමණක් නොව අන් සියලු විද්‍යාවන් පිළිබදව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ශාරීරික විද්‍යාවන් ආදී මෙන්ම ගණිතය පිළිබදව දැනීම ඇති පුද්ගලන්ගේ ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩි වී පවතියි. සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, කලමනාකරණය ආදී සමාජ විද්‍යා සම්බන්ධයෙනුත් අවබෝධයක් හා අධ්‍යාපනයක් ඇති ප‍්‍රමාණයද වෙනස් වී පවතියි. මේ ආකාරයෙන් විවිධ විෂයන් පිළිබදව මෙන්ම තාක්ෂණය පිළිබදව අවබෝධයද ඒ ආකාරයෙන්ම වැඩි වී පවතියි. මේ නිසා සමාජයක දියුණුවට පැවතිය යුතු මනුෂ්‍ය සම්පත රට පුරාම දැන් පවතියි. ගැටලුව වශයෙන් පවතින්නේ යටි තලයේ එනම් ජන ජීවිතයේ ඇතිවී ඇති මේ මහා පරිමාණ වෙනස තවමත් සමාජයේ උඩ තලයේ ප‍්‍රකාශයට පත් වී නොතිබීමයි. යටි තලයේ ඇති වූ වෙනස සමාජයේ මැද හා උඩ තලයන්ටද පැතිරීයාම කරගත හැක්කේ කෙසේද යන්න ලාංකීය සමාජයේ පවතින ප‍්‍රධාන ප‍්‍රශ්නයයි. මේ ප‍්‍රශ්ණය විසදා ගත යුත්තේම ද නිදහස් අධ්‍යාපනයෙන් ඇති වූ ජන කොටස් තුලින්මයි. එය විසදා දීමට පිටින් කිසිවෙක් ඉදිරිපත් නොවෙනවා පමණක් නොවෙයි එම වෙනස ඇතිවීමට අකමැති හා විරෝධය දක්වන්නන්ද සිටි.

1962 පොලීසියේ හා හමුදාෙව් නායකයන් විසින් ලංකාෙව් ආණ්ඩුව පෙරලා දමා තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කරන ලද කුමන්ත‍්‍රණයේ පසුබිම වූ ප‍්‍රධානතම හේතුව වූයේද නිදහස් අධ්‍යාපනය නිසා සමාජයේ ඇතිවෙමින් තිබූ විශාල වෙනසට ඉහල තලයේ පැවති විරුද්ධතාවය බව වාර්තා වලින් පෙනේ. ඇමරිකාෙව් සමාජ විද්‍යාඥයෙකු විසින් ලංකාෙව් 1962 කැරුල්ලේ නායකයන් සමග පසු කාලයේදී කරන ලද සාකච්ඡාවලදී ඔවුන් කියා සිටියේ තමන් ඒ පියවර ගැනීමට උත්සාහ කලේ අතීතයේදී තමන්ගේ තරාතිරම පිළිබදව තමන්ට තිබූ උරුමය තමන්ගේ දරුවන්ට නොලැබෙන බව පෙනීයාම නිසා, පසු කාලයේ තිබූ තත්වය නැවත ඇති කර ගැනීම සදහාත්, මෙම කුමන්ත‍්‍රණය කල බවයි. කුමන්ත‍්‍රණය පරාජය වුවත් කුමන්ත‍්‍රණය පිටුපස සිටි බොහෝ දෙනෙකු පිළිබදව නිදහස් අධ්‍යාපනය හා ඒ නිසා ඇතිවෙමින් තිබූ සමාජ පරිවර්තනය දෙස විශාල වපර ඇසකින් බැලීමක් පැවතුනා.

1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය නායකත්වයේ සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා මේ මතය නියෝජනය කල එක් අයෙක්. ඔහු 1956 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීම සහ එක්සත් ජාතික පක්ෂයේ පරාජය හැදින්වූයේ  රට පුරා දේශපාලන මුහුකුරා යාමක් පැවතීෙම් ලකුණක් ලෙස තමා දකින බවයි. එම මුහුකුරා යාමට ඔහු කැමති වූයේ නැත. 1978 ව්‍යවස්ථාව මගින් ගත් මූලික පියවර වල ප‍්‍රධාන අංශය වූයේ සමාජයේ යටි තලයේ ඇතිවෙමින් තිබූ මේ විශාල වෙනස හැකි පමණින් පස්සට ඇද දැමීමට කරන ලද උත්සාහයයි. මෙම උත්සාහය නිසා සමාජයේ යටි තලයේ ඇති වුන විශාල වෙනස සමාජයේ මැද හා උඩ තලයන්ට ගමන් කිරීමේ වේගය විශාල වශයෙන් වියවුලට පත් වුනා. අද දක්වාත් ඒ වියවුල නොවිසිදී පවතින මහා ගැටලුවක්.

මෙවැනි වාතාරණයකදී නිදහස් අධ්‍යාපනයකින්ම ඇති වූ ජනකොටස් තමන්ගේ අනාගත දියුණුව ගොඩනගා ගත හැක්කේ කෙසේද යන ප‍්‍රශ්ණය රට පුරා පවතියි. මෙහි තවම සිදු වී නැති සමහර වෙනස්කම් හදුනාගත යුතුය. නිදහස් අධ්‍යාපනය නිසා වැඩි දැනුමක් ඇති අධ්‍යාපනයක් ඇති කණ්ඩායම් රටේ විශාල වශයෙන් ඇති වුනා. එහෙත් දැනීම හා ප‍්‍රකාශන ශක්තිය අතර විශාල වෙනසක් තවමත් පවති.

තමන්ගේම උවමනාවන් තමන්ගේම වචනයෙන් සමාජයට හෙලිදරව් කර ගැනීමේ ඇති හැකියාව ප‍්‍රකාශණ ශක්තිය වශයෙන් හැදින්විය හැකියි. නිදහස් අධ්‍යාපනයෙන් ඇති වූ කණ්ඩායම් මෙම ප‍්‍රකාශන ශක්තිය දියුණු කරගෙන නැහැ. මා මෙහිදී කතාකරන්නේ හුදෙක් දේශපාලන ප‍්‍රකාශනය ගැන නොෙව්. සෑම විශයක් පිළිබදවම, සමාජයේ සෑම අංශයක් පිළිබදවම කතිකාවක යෙදීෙම් හැකියාව ඇති කර ගැනීම තුලින් නිදහස් අධ්‍යාපන්යේ යටි තලයේ ඇති වූ වෙනස මැද තලයට හා ඉහල තලය දක්වා ගමන් කර ගැනීමට හැකි වේ. නිදහස් අධ්‍යාපනයේ ලාභය ලැබූ කාගේත් පරම උනන්දු විය යුතු වන්නේ තමන්ගේ ප‍්‍රකාශන ශක්තිය සමාජයේ සියලූම කටයුත්තක් සම්බන්ධයෙන් වර්ධනය කර ගන්නේ කෙසේ ද යන ප‍්‍රශ්ණය විසදා ගැනීමයි.

බැසිල් ප‍්‍රනාන්දු
මෙම ලිපියේ පළමු කොටස බලන්න

https://www.dailyreporter.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b5%e0%b6%bd-%e0%b6%b1%e0%b7%99%e0%b6%bd%e0%b7%8f/

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….