නුවරඑළියෙන් තවත් ආසාදිතයන් 288ක් – බගවන්තලාවෙන් 41ක්

corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 16වන දින ලැබුන පි. සි. ආර්. වාර්තා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 288 දෙනකු වාර්තා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුත් අවුරුදු කොවිඩ් පොකුර දහස ඉක්මවා ගොස් ඇති  බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දිනකට වාර්ථාවු වැඩිම ආසාදිතයන් ගනන මෙය බවත් එයින්ද වැඩිම ආසාදිතයන් පිරිසක් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්ථාවි ඇති  අතර මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතවන් ගණන 2679 දක්වා ඉහල ගොස් ඇති බවත්ය.

මෙසේ මෙම දිස්ත්‍රික්කයෙන් දෛනිකව වැඩිම පිරිසක් වාර්ථාවුවද පසු ගිය දින කිපයක ගන්නා ලද   පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා පමා විම් මත මෙම ආසාදිතයන් ගනන මෙසේ ඉහල ගොස් ඇති බවද ඔහු පවසන ලදි.

කෙසේ වුවද මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුල වාර්ථා වන කොවිඩ් ආසාදිතයන් ප්‍රමානය ක්‍රමයෙන් ඉහල යන බවත් මෙසේ හමුවු ආසාදිතයන් 2679 යෙන් ආසාදිතයන් 1061 දෙනකුම අප්‍රේල් මස 22වන දිනෙන් පසුව අලුත් අවුරුදු පොකුරින් වාර්ථාවු ආසාදිතයන් බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ 25ක් වාර්ථාවි ඇති බවත් මෙසේ හමුවු අලුත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොටගල රෝසිටා ප්‍රදේශයේ සිට විදෙස් ගත විමට ගිය පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එ නිලධාරියා පවසන ලද්දේ කොටගල රෝසිටා ප්‍රදේශයේ පුද්ගලයකු විදෙස් ගතවිම සදහා කටුනායන ගුවන් තොටුපල ගොස් සිටියදි එම ගුවන තොටුපලේදි කරන ලද පරික්ෂාවකදි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගත් බව එම ගුවන් තොටුපල මගින් මෙම කාර්යාලයට දැනුම්දි ඇති බවත්ය.

එම දැනුම් දිමත් සමග එම ආසාදිතයාගේ ලගම ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ හදුනා ගන්න ආශිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද තව දුරටත් පවසන ලදි.

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයතු වතු කිපයක කොවිඩ් ආසාදිතයන් වැඩි විමේ අවදානමක් පවතින බැවින් එම වතු ආශ්‍රිත කොටස් කිපයක් තුල දැඩි සංචරන සිමා පැනවිමට පියවර ගෙන ඇති බව  බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 16 වන දින බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 41 දෙනකු වාර්ථාවු බවත් බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් දින හතරක් ඇතුලත එකම නිවසක කොවිඩ් ආසාදිත මරණ දෙකක්(අඹු සැමි යුවලක්) වාර්ථාවු බවත්ය.

එම තත්වයන් මත බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වෙන්චර්, ඉන්ජස්ට්‍රි, ටිලරි, කර්කස්වෝල්ඩ්, බොගවාන, ලොයිනෝන්, කොටියාගල, බගවන්තලාව, ඇන්පිල්ඩ් යන වතුවල  කොටස් කිපයක් සදහා මෙසේ දැඩි සංචර සිමා පැනවිමට පියවර ගත් බවද පවසන ලදි.

මෙසේ හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts