නුවරඑළිය ආසාදිතයන් 2378 දක්වා ඉහළට – හැටන් වෙළදුන් බඩු මිල ඉහළ දමයි

corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 11වන දින ලද වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 184 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 2378 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් ආසාදිතයන් අඹගමුව ,මස්කෙළිය , කොටගල , බගවන්තලාව , ලිදුල  රාගල,  කොත්මලේ , නුවරඑළිය,  මතුරට,  වලපනේ, හගුරන්කෙත, යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 760 දෙනකු අප්‍රේල් මස 22 සිට මැයි 11 දක්වා වාර්ථාවි ඇති බවත්ය.

මෙම ආසාදිතයන් ගනන  11 වන දින සවස් වන විට ලැබි ඇති වාර්ථා මත පදනම්ව ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් පි. සි. ආර්. වාර්ථා ලැබිමට නියමිත බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් මරණ 02ක් වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් මරණ ගනන 17 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

තලවාකැලේ ශා/ කේලේයාර් වතුයායේ පිරිමි පුද්ගලයකු කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බව කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම පුද්ගලයා රෝගි තත්වයෙන් නුවරඑළිය මුලීක රෝහලට ඇතුලත් කර ඇති බවත් එහිදි මෙම පුද්ගලයාට කොවිඩ් ආසාදනය විමෙන් 11 වන දින එම රෝහලේදි මිය ගොස් ඇති බවත්ය.

කොවිඩ් ආසාදනය විමෙන් මෙම පුද්ගලයා මිය යාමත් සමග එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොවිඩ් වසංගත තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ සමහර වෙලදුන් බඩු මිල ඉහල දැමිමත් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එවන් තත්වයන් මත මෙසේ බඩු මිල ඉහල යාම තුලින් තමන් තවත් දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

හැටන් සමහර වෙලදුන් එලවලු, පොල්, හාල්, පොල්තෙල්, බිත්තර, වැනි ද්‍රව්‍යවල මිල මෙසේ ඉහල දමා ඇති බවත් මෙම තත්වයන් මත තමන් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.

කොවිඩ් වැනි වසංගත තත්වයකින් ජනතාව ප්‍රිඩාවන්ට ලක්වන මෙවන් අවස්ථාවලදි තම මඩිය තර කර ගැනිමට උත්සහා දරණ මෙකි වෙලදුන් ප්‍රදේශයේ ජනතාව තවත් ප්‍රිඩාවන්ට ලක් කිරිම කනගාටුවට කරුනක් බවද එම පිරිස් තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….