බගවන්තලාව, ඉන්ජස්ට්‍රි ඇතුළු තවත් ග්‍රාම නිලධාරි වසම් හුදකලා වෙයි – නුවරඑළියෙන් ආසාදිතයන් 1981ක්

corona-quarantine

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු දෙකක ග්‍රාම නිලධාරි වසම් දෙකකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුවිමත් සමග එම ග්‍රාම නිලධාරි වශම් දෙක හුද කලා කිරිමට අවශ්‍ය පියවර ගත් බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් ඉන්ජස්ට්‍රි වතුයායේ හා හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ෆෝඩයිස් වතුයායේ ග්‍රාම නිලධාරි වශම් දෙකක් මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බවත්ය.

මෙම ග්‍රාම නිලධාරි වශම් දෙක තුල කරන ලද පි. සි. ආර්. පරික්ෂනවලදි කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුව ඇති බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක්ද මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත මෙම ප්‍රදේශ දෙක මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි වතුයායේ ග්‍රාම නිලධාරි වසම් අංක 319 එල් කොටස 03වන දින සවස සිට හුදකලා කිරිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම වතුයායේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුවිමත් සමග එම කොටස මෙසේ හුදකලා කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

එමෙන්ම හැටන් ඇන්පිල්ඩ් වතුයායේ කොටසකින් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග එම කොටසට සංචර සිමා පැනවිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 102 හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 1981 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන බවත් මෙම තත්වයන් මත මේ වන විට හගුරන්කෙත ප්‍රදේශයේ කොටසක් හුදකලා කිරිමටද පියවර ගෙන ඇති බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙතට අමතරව අඹගමුව, නුවරඑළිය, රාගල වැනි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින්ද ආසාදිතයන් හමුව ඇති බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 15 ක් වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

අලුත් අවුරුදු කොවිඩ් පොකුර යටතේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ අවුරුදු හතරක දැරියක් ඇතුළු කොවිඩ් ආසාදිතයන් 03 දෙනකු අලුතින් වාර්ථාවිමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 10 දක්වා ඉහල ගොස් ඇති බව  හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ අවුරුදු හතරක දැරියක්, හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ පාසල් සිසුවකු හා හැටන් විල්ෆ්‍රඩ් පුර ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් මෙසේ කොවිඩ් ආසාදිතයන් ලස හදුනා ගෙන ඇති බවත්ය.

මෙම ආසාදිතයන් මෙයට කලින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල පිරිස් බවත් මේ වන විට එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට කටයුතු කරන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය  බල ප්‍රදේශයේ පුද්ගලයන් 47 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කලද එහි කිසිවකු ආසාදිතයන් නොවන බවට වාර්ථාවි ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් වාර්ථාවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා හෝටල් කිපයක සේවයන් 47 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

එම පි. සි. ආර්. වාර්ථා මත එසේ පරික්ෂාවන්ට ලක් කල කිසිදු පුද්ගලයකු ආසාදිතයන් නොවන බවට වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

හැටන් දික්ඔය නගර සභාව මගින් පාලනය වන ලමා උයන් දෙක හා හැටන් ඩංබාර් ක්‍රිඩා පිටිය නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත පවතින කොවිඩ් වසංගතය හමුවේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා මෙම ලමා උද‍්‍යාන හා ඩංබාර් ක්‍රිඩා පිටිය මෙසේ වසා දැමිමට පියවර ගත් බවත්ය.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනිම සදහා සියලුම දෙනාගේ සහාය අවශ්‍ය බවත් එම තත්වයන් මත සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිලි පදිමින් අනවශ්‍ය ගමන් යාමෙන් වලකින ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පවසන ලදි.

 

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….