මත්පෙති ප්‍රවාහනය කර වැඩ වරදී

mathpethi

ස්නායූ වේදනා සමනය සදහා වෛද්‍ය නිර්දේශමත පමණක් ලබාදෙන ඖෂධ පෙති (මත්පෙති) 2050ක් තෑගී පාර්සලයක් ලෙස ප්‍රවාහනය කළ පෞද්ගලික මගී බස් රථයක රියදුරා හා කොන්දොස්තරවරයා නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (11දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ සිට බස් රථයකින් ප්‍රවාහනය කරනා බවට නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් කුමාරසේන මහතාට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම පොලිසිය ඉදිරිපිට මාර්ග බාධකයක් යොදා සිදුකළ පරික්ෂාවකදි තෑගි පාර්සලයක් ලෙස අසුරා බස් රථයේ රාක්කයක රදවා තිබූ මත්පෙති සහිත පාර්සලය පොලිසියට හමුවි තිබේ.

තොරතුරු වලට අනුව බස් රථ තුනක් පරික්ෂා කිරිමෙන් පසුව කොළඹ සිට වව්නියාවට ධාවනයවූ බස් රථයේ තිබී වර්ග දෙකකින් යුතු මත්පෙති තොගය පොලිස් අත්අඩංගුවට පත්වි තිබු අතර මිලිග්‍රෑම් 150 බැගින්වු වර්ග දෙකක මත්පෙති පෙති 2050 ක් පාර්සලයේ තිබූ බව පොලිසිය පවසයි.

තෑගී පාර්සලයක් ආකාරයට ඇසුරුම්කර තිබූ මත්පෙති සහිත පෙට්ටිය පොලිස් භාරයට ගෙන බස් රථ සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි සීදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සාලියපුර පදිංචිකරුවෙකුට ලබාදෙන ලෙස දන්වා බස් රථයට පෙට්ටිය ලබාදුන් බව පවසා තිබුණි.

සැකකරුවන් දෙදෙනාත් මත්පෙති ජාවාරමට සම්බන්ධ බව පොලිසිය පවසන අතර මත්පෙති තොගය ජාවාරම්කරුවෙකුට ලබාදීමට ඔවුන් ප්‍රවාහනය කර තිබෙනා බව පවසයි.

විශාල ප්‍රමාණයේ පෙති 1050ක් හා කුඩා ප්‍රමාණයේ පෙති 1000ක් එහි තිබි ඇති අතර එක් මත්පෙත්තක් රුපියල් 150ක පමණ මුදලකට ජාවාරම්කරුවන් අලවිකරනා බවත් එම පෙති තොගය රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලකට විකුණනා බව පොලිසිය තහවුරු කරගෙන තිබිණි.

ස්නායූ වේදනා සදහා වෛද්‍ය නිර්දේශයන් මත පමණක් ඖෂධ ලබාදෙන බව පවසන පොලිසිය මතට ඇබ්බැහිවූවන් කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඒවා පානය කරනා බව පවසයි.

අත්අඩංගුවටගත් වහමල්ගොල්ලෑව හා නොරෙච්චෝලය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා ඊයේ (12දා) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් කුමාරසේන මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සැකකරුවන් සමග මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….