මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනමින් වැඩපිලිවෙලක්

mathdrawya

“බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ දී” ඒ සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන පංචවිධ කරැණු හදුනාගෙන තිබෙි මත්ද්‍රව්‍ය ඒම කරැණු වලින් ප්‍රධාන කරැණකි මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නැවැත්වීම, මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලුම අඩු කිරීම හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන්  බන්ධනාගාරගත කිරීමත් යන කරුණු හඳුනාගෙන ඇත.

මත්ද්‍රව්‍ය ගෙන ඒම හා මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අඩු කිරීම සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මෙම රැස්වීමේදී වඩා අවධානයට යොමු වූයේ මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කර, වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් සමාජයට ඵලදායී පුරවැසියන් ලෙස සම්බන්ධ කිරීමයි.

මේ සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ මැතිතුමා, මහජන ආරක්ෂක අමාත්‍ය  සරත් වීරසේකර මැතිතුමා, ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය  දිලුම් අමුණුගම මැතිතුමා ඇතුළු මීට අනුබද්ධිත විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සහභාගී විය.

මේ සඳහා ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීමේදී ඔවුන් නිදහස් වී එළියට පැමිණෙන විට දරුණු අපරාධකරුවන් විමත්, වර්තමානයේ අපරාධවලින් 40%ක් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වීමත්, රටේ ශ්‍රමදායකත්වයට එම පිරිසේ දායකත්වය අහිමිවී යාමත් යන කාරණා මත මෙම පිරිස් පුනරුත්ථාපනය කිරීම ප්‍රධාන අරමුණ විය.

මෙම රැස්වීමේදී අපේක්ෂිත ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කළ අතර, එහිදී බන්ධනාගාරගත කළ යුතු, සමාජගත කළ යුතු හා වෙනත් නේවාසිකව පුනුරුත්ථාපනය කළ යුතු අයවලුන් යටතේ මෙම ව්‍යාපෘති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවත් යෝජනා විය. එහිදී වෘත්තීය පුහුණුව සමාජගත කිරීම හා පසුවිපරම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් විය.

මෙම සැලැස්ම සඳහා විධායක හා කළමනාකරණ කමිටුවක් පත් කල අතර, ඊට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එය නිර්මානය කිරීමට තීරණය විය. මේ කටයුතු සඳහා ස්ථාන හඳුනා ගැනීම, ප්‍රතිකාර පාඨමාලාවක්, වෘත්තීය පුහුණුව, ආරක්ෂාව, සමාජගත වීම හා පසුවිපරම යන කරුණු කාරණා සම්බන්ධවද සාකච්ඡා කෙරිනි.

එසේම දගුකාලීන ඇබ්බැහිවුවන් හා කෙටිකාලීනව ඇබ්බැහිවුවන් ලෙස වර්ගීකරණය කළ යුතු බවත් බොහෝවිට අදාල අයවලුන්ගේ අනන්‍යතාවනය ආරක්ෂා වන පරිදි කල යුතු බව හා Online වැනි තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් උපදේශන සේවා සැපයීමට මෙම රැස්වීමේ දී සාකච්ඡාවට බදුන් විය.

මෙහිදී තරුණ හා ක්‍රිඩා කටයුතු අමාත්‍යංශය මගින් අවශ්‍ය ස්ථානීය පහසුකම් ලබා දීමට පොරොන්දු වු අතර, උපදේශකයන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙල කඩිනම් කිරිමත් සිදුවිය යුතු බවට යෝජනා විය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….