මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධනය කොට උඩ

රුපියල් කෝටි එකහමාරක පමණ රජයේ මුදලින් සංවර්ධනය ආරම්භවූ ගොවි සංවිධාන පහක් යටතේ කුඹුරු අක්කර හාර දහසකට අධික ප්‍රමාණයක් නඩත්තුවන මානන්කට්ටිය වැවෙහි වම් ඇල සංවර්ධන කටයුතු නිසි අන්දමින් සිදුනොවන බවට ගොවීන් චෝදනා කරති.

ගලෙන්බිදුනුවැව වාරිමාර්ග කාර්යාලය සහ පළාත් වාරිමාර්ග කාර්යාලය මැදිහත්වීමෙන් ක්‍රියාවට නැංවූ ඵලදායිතා වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මානන්කට්ටිය වැවෙහි වම් ඇල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භවි වසර තුනක් ගතවි ඇතත් ඇලෙහි ඇළ බැම්ම පළල් කොට ඉස්සීම සදහා බොරළු ගෙනැවිත් දමා ඇතත් එම කටයුතු සිදුනොවන බව ගොවින් පෙන්වා දුන්හ.

ගොවීන් චෝදනා කරන්නේ මහජනතාවගේ මුදල් වියදම් කොට ආරම්භ කරන්නට යෙදුණු කටයුත්ත අතරමග නතර කර දැමීම හේතුවෙන් වම් ඇළ මාර්ගය භාවිතා කරමින් කුඹුරු අක්කර 105ක ප්‍රමාණයක් අස්වැද්දූ ගොවීන්ට කබලෙන් ලිපට වැටීමට සිදුව ඇති බවයි.

ඇළ මාර්ගයේ ඇල බැම්ම ගමනා ගමන මාර්ගයක් සේ භාවිතා කොට සිය දෛනික ගමනා ගමන කටයුතු සිදුකළ පාසල් දරුවන් ඇතුළු ගම්වාසීන් රැසකට මේ හේතුවෙන් දැඩි අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.

ඇළ මාර්ගය ඔස්සේ කුඹුරු අක්කර 105ක ප්‍රමාණයක් යළ මහ දෙකන්නය අස්වැද්දුවත් ඇළ මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කොට අතරමග නතර කර දැමීම නිසා වසර තුනකට ආසන්න කාලයක් යළ මහ දෙකන්නය වගා කළ කුඹුරු අක්කර 105ක ප්‍රමාණයෙන් අක්කර 75ක පමණ ප්‍රමාණයක් පුරන් වන්නට හැර ගොවීන්ට බලාගෙන හිඳීමට සිදුව ඇතැයි ඔවුන් පැවසූහ.

මානන්කට්ටිය ගම්මානයේ පදිංචි ටි.බි.රත්නපාල ගොවි මහතා. මානන්කට්ටිය ව්‍යාපාරයේ ගොවි සංවිධාන පහක් තියෙනවා.ඒ ගොවි සංවිධාන පහක් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගලෙන්බිදුනුවැව හා අනුරාධපුර කාර්යාල සාකච්ඡා කරලා 2018 ජූලි මාසේ ඵලදායිතා වැඩසටහන යටතේ මානන්කට්ටිය වම් ඇල ව්‍යාපාරය තෝරගත්තා 2018 වසරේ.

ගොවි සංවිධාන සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩසටහන ආරම්භ කරලා ලොකුවට ඇළ කැපුවා.ඒ කියන්නේ අපේ කුඹුරු හරහා ගිය වතුර පාර දැන් යන්නැ.දැන් කුඹුරේ සිට වේල්ලට වතුර ආපහු යනවා.තාක්ෂණ නිලධාරි මහත්තුරුන්ගෙ ඉංජිනේරු මහත්වරුන් ගේ මිණුම් කටයුතු වල හොදකම තමයි ඒ.

මේ ගොඩ ගහල තියෙන බොරළු වලින් 2018 ඉදන් 2021 වෙනකම් වසර තුනක් කිසිම දෙයක් කරල නෑ.වාරිමාර්ග ඉංජිනේරු පළාත් වාරිමාර්ග ඉංජිනේරුවරු මේවා දිහා බලන් නිදිද මන්දා.අපට සිද්ධවුනු අවනඩුව ගැන ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ වාරිමාර්ග ඇමතිතුමාගේ අවධානය යොමු වෙන්න කියලා මම කියනවා.

මේ කටයුත්තට රුපියල් එක්කෝටි පනස් දහසක් විතර වියදම් කරලා තියෙනවා.මේවා මහජන මුදල් අවභාවිතා කිරීමක්.දැන් ගොවියෙකුට පාපැදියක යන්න බෑ.හොඳට යන්ඩ තිබ්බ පාර සම්පූර්ණයෙන්ම විනාශයි යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර  – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….