මැණික් මුට්ටියක් ගොඩගන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

රජසමයේ නිධන් කර ඇති බව කියනා මැණික් මුට්ටියක් ගොඩගැනීමේ අරමුණින් පෞද්ගලික ඉඩමක අක්‍රමවත් කැනීමක් සිදුකරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් (5දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබි යතුරු පැදියක් යකඩ ඉනි දෙකක් උදළු තුනක් හා බාල්දියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරුවන් නිදන් සෙවු ස්ථානයේ කිසිදු පුරාවිද්‍යා සාධකයක් පෙනෙන්නට නොපෙනුනත් ඒ ආසන්නයේ පුරාවිද්‍යා සාධක සහිත රජමහා විහාරස්ථානයක් ඇති බව පොලිසිය පවසයි.

අනුරාධපුර පොලිස්වසමේ සාලියපුර ජයන්ති ග්‍රාමයේ නිවසක පිටුපස නිදන් සොයා කැනීමක් සිදුකරනා බවට පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර නිවෙස් හිමියා මුදල් පොලියට ලබාදෙන ආයතනයක සේවකයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් පස්දෙනා දින කිහිපයක සිට අදාල ස්ථානයේ කැනීම් සිදුකර තිබෙනා බවත් නිධානයක් සෙවීමේ අරමුණින් ඔවුන් අක්‍රමවත් ගැඹුරු කැනීමක් සිදුකර තිබු බව පොලිසිය පවසන පොලිසිය එහි අඩි 27ක් දිග අඩි 14ක් පළල හා අඩි හතක් ගැඹුරට කැනීම සිදුකර තිබූ බව පවසයි.

සැකකරුවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදි එක් එක් සැකකරුවන් විවිධ ප්‍රකාශ ලබාදුන් බවත් එක් අයෙකු මැණික් මුට්ටියක් ගොඩ ගැනීම සදහා කැනීම සිදුකළ බව පොලිසියට පවසා තිබුණි.

තවත් අයෙකු ළිදක් හාරනා බව පොලිසියට පවසා තිබුණත් ස්ථානයේ කැනීමට අනුව නිධන් සෙවීමටම කැනීම් කර ඇති බව තහවුරු වන්නේ යැයි පොලිසිය පැවසුවේය.අදාල ස්ථානය වටලන විට ඊට සම්බන්ධවි සිටි අයෙකු අනුරාධපුර විජයපුර පිහිටි දෛයිනික ගෙවීමේ පදනමට මුදල් ලබාදෙන ආයතනයක සේවකයෙකු බව තහවුරුවූ බවත් ඔහු රාජකාරිය අතර නිධන් සෙවීමට සම්බන්ධවි ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් පිරිස අතර වයස අවුරුදු 25/54 පසුවන සාලියපුර පදිංචිකරුවන් තිදෙනෙකු ජයසිරිපුර හා මාතලේ හංදියේ පදිංචිකරුවන් දෙදෙනෙකු සිටිනා බව පොලිසිය පවසයි.ඔවුන් ඊයේ (6දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් පොලිස් පරික්ෂක ඒ.එම්.කේ.පී.ආර් කරුණාරත්න පොලිස් සැරයන්වරුන් වන වීරකෝන් 36446 වැල්ලගිරිය 61274 රළපනාව 24410 ප්‍රේමතිලක 54390 පොලිස් කොස්තාපල් පෙරේරා 23118 ඇතුළු නිලධාරින් පිරිසක් වැටලීම සිදුකර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….