මැදමුලනේ පවුල් 30ක් උග්‍ර පානීය ජල ගැටළුවක

අපි ජීවත් වෙන්නෙ  ජනාධිපති තුමාගෙ ගමේ. හිටිපු  ජනාධිපති  තුමාගේ ගමේ. අගමැති තුමාගෙ ගමේ . වත්මන් වාරිමාර්ග ඇමති තුමාගෙ ගමේ. නමුත් අපිට බොන්න වතුර ටිකක් නෑ.

බොන්න පිරිසිදු වතුර ටිකක් නැතිව අපි පරම්පරා ගණනක් දුක් විදිනවා.පරම්පරා ගණනක් බිව්වෙ මඩ වතුර . කිවුල් වතුර. මේ වතුර බීල ගමේ කිහිප දෙනෙක්ම රෝහල් ගානෙ ගාටනවා යැයි මැදමුලන ග්‍රාමසේවක වසමේ පල්ලේමුලන පවුල් 30ක් වැසියෝ පවසති.

අපේ ගෙවල් ටික පිහිටල තියෙන්නේ වීරකැටිය කපුගම්පොත මාර්ගයට යාබදව. අපිට බොන්න වතුර ටිකක් දෙන්න කියල අපි පරම්රාප ගණනක් තිසේසේ දේශපාලකයින්ට කිවුවා.මේ ගමේ බහුතරය ජනාධිපති තුමාට අගමැති තුමාට දේශපාලනය කරපු  අය. තවමත් ඡන්දය ඉල්ලගෙන අපේ ගෙවල් වලට දේශපාලකයින් එනවා. නමුත් අපි තවමත් බොන්නේ මඩ වතුර. කිවුල් වතුර.

අපේ ගමටම තියෙන්නේ එකම ළිදයි. ඒ ළිදෙන් තමයි ගමටම වතුර දෙන්නේ. දැන් මේ ලිද කපල අවුරුදු දහයක් විතර වෙනවා.ඊට කලින් අපි ‘ගලේඅමුණෙ’ ඔයේ වලවල් කපල වතුර එකතු කරගෙන ගෙනල්ල බිව්වා ළිදේ වතුරු බොන්න බෑ කිවුල් රස එනවා. වතුර උණු කරන කේතලයේ මඩ තට්ටුවක් බැදිලා.

ගමට ම වතුර දෙන ළිද නියං කාලෙට හිදෙනවා.ඊට පස්සෙ වතුර හොයා ගෙන අපි තැන් තැන් වලට යනවා.පානීය ජල හිගයෙන් මුළු ජීවිත කාලයම දුක්විදින ගැමියෝ පවසති.

අපේ  ගම සීමාවටම  නල වතුර ඇවිල්ල තියෙනවා. නමුත් අපේ ගමට වතුර දෙන්නේ නෑ. වතුර ඉල්ලුවාම කියනවා. එළන ලද වතුර බට වලින් අළුතෙන් වතුර දෙන්න පුළුවන් කමක් නෑ කියල .

නමුත් ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න වගකිව යුතු අය කිසිවෙක් උත්සාහ ගන්නේ නෑ. අපි නොසලකා හරින ලද පිරිසක් බවට අද පත් වෙලා තිබෙනවා.

නමුත් ඡන්දෙ දවසට ඡන්දය දාන්න ඡන්ද පොළට යන්න දේශපාලකයො වාහන එවනවා.එහෙම ගිහිල්ල ඇවැදින් මේ ගමේ බොහෝ ජනතාව මඩ වතුර බොමින් පීඩා විදින බව ගම් වැසියෙකු වූ බුද්ධිකා සදමාලි පවසන්නීය.

මේ දිනවල රටපුරා මහමැතිවරණ පොරය දියත් වෙමින් තිබේ.මැදමුලන පුරා උග්‍ර මනාප පොරයක් තිබේ.බොන්නට වතුර නැතිව පීඩා විදන ජනතාවගේ නිවස වල පිරී පවතින්නේ ඡන්ද පොරොන්දු වලින් ගහන මැතිවරණ ප්‍රකාශනයන්ය .

එහෙත් පරම්පරා ගණනක් තිස්සේ මැදමුලනේ පවුල් රැසක් මේ වන විටත් පානීය ජල හිගයෙන් පීඩා විදිමින් සිටිති.

හම්බන්තොට සංවර්ධනය කොට ඇති බවට වහසි බස් දොඩන දේශපාලකයින්ට මෙම ජනතාවගේ හඩ නොඇසීම කණගාටුවට කරණක් නොවන්නේද?

චන්ද්‍රසේන ගමගේ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….