මෙන්න සභාපතිගේ පැටිකිරිය

සමුපකාර නීති රීති හා අනපනත් නොදැන උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට නඩු දමනවා යැයි කියන අනුරාධපුර විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපතිවරයා රුපියල් ලක්ෂ ගණනක පාපිසි හොරකමක් නිසා මීගමුව අධිකරණයේ විභාගවන නඩුවක විත්තිකරුවෙකු බවත් වංචාකළ මුදල් ගෙවා විත්තිකාරත්වයෙන් නිදහස් වන ලෙස රඹෑව අනුරාධපුරවිවිධ සේවා සමූපාකාර සමිතියන්හි හිටපු සභාපති තිලක් මහේෂ් එදිරිවීර මහතා පැවසුවේය.

රඹෑව විවිධ සේවා සමූපකාර සමිතියේ සහල් සොරකමක් සිදුවු බවට නොදන්නා කථා කියන අවලාද නැගමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාට නඩු පවරන බව කියන සභාපතිවරයාට පිළිතුරු සපයමින් හිටපු සභාපතිවරවා සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව (6දා) පැවසුවේය.

එහිදි වැඩිදුරටත් කථා කළ හිටපු සභාපති තිලක් මහේෂ් එදිරිවීර මහතා.මාධ්‍ය හමුවක් කැදවලා ජාතික පුවත්පත් වලට පට්ටපල් බොරු කියලා මිනිස්සුන්ට මඩ ගහන වර්ථමාන සභාපතිවරයාගේ පැටිකිරිය රටටම කියන්න තමයි මාධ්‍ය හමුවක් කැදවුවේ.බය නැතුව කියනවා යහපාලන සමයේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සමිතියට රිංගලා රුපියල් ලක්ෂ දෙකක ණයක් අරගෙන ඒක නොගෙවාම ණය මුදල කල් ඉකුත් වෙලා තියනවා.

මේ සම්බන්ධයෙන් කොමසාරිස්වරයා විසින් පරික්ෂණයක් පවත්වලා ඔහු නුසුදුස්සෙක් බවට පත්කරලා තියනවා.චක්‍ර ලේක වලට පටහැනිව සාමාජිකයන්ගේ මුදල් හා තැන්පතු පෞද්ගලික බැංකුවල තැම්පත් කරලා තියනවා සමුපකාර සංවර්ධන නිලධාරින්ගේ කිසිදු අනුමැතියත් නැතුව.ඒ් මුදල් වලින් කොමිස් අරගෙන ඔහුගේ ගජ මිතුරන් හා සේවකයින් එක්ව සාද පවත්වමින් සමිතියේ මුදල් විනාශ කරනවා.

ඔය අපිට චෝදනා කරන සභාපතිවරයාගේ සහෝදරයෙකු මහ සභා නියෝජිතයෙකු වශයෙන් සිටියදි මේ සමිතියේම ලිපිකරු තනතුරක් ලබාදිලා තියනවා ඒක හරිද?පාපිසි ලබාගෙන ලක්ෂ ගණනක මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් මිගමුව අධිකරණයේ නඩුවක් තවම විභාග වනවා.

ඉදිරි නඩු දිනය තියෙන්නේ ලබන මාසේ තුන්වනදා.අධිකරණයෙන් නියම කරපු රුපියල් දහ දාහක මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් මත ඉදගෙන තමයි මෙයා අනුන්ගේ හාල් ගැන හොයන්නේ.ආණ්ඩුකාරතුමාට නඩු දාන්න හදන්නේ.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 396 වගන්තිය යටතේ සාපරාධි සාවද්‍ය පරිහරණය හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තියට අනුව සාපරාධි විශ්වාසය කඩකිරීම යන චෝදනාවන් බොරුකාර සභාපතිවරයාට එරෙහි අධිකරණය හමුවේ ගොනුකරලා තියනවා.

රඹෑව විවිධ සේවා සමුපකාර සමිතියේ සහල් විකුණු බවට මට බොරු චෝදනාවක් කරමින් මාධ්‍ය හමුවක් කැදවලා ජාතික පුවත්පත්වල පලකරලා තිබ්බා.ඒකට තමයි මේ උත්තර දෙන්නේ.මාවත් කැදවලාම ඔය චෝදනා ටික කරන්න තිබ්බනේ.

මම 2017 වසරේ රඹෑව සමිතියට යද්දි සමුපකාරය දිස්ත්‍රික්කයේ පහළ මට්ටමක තිබ්බේ.මම රඹෑව සමිතිය හතරවෙනි තැනට ගෙනාවේ හාල් හොරකම් කරලා නෙමෙයි සේවකයන්ගේ හා මගේ දක්ෂතාවයෙන්.දිසාපතිතුමාගේ ලෝක ආහාර වැඩ සටහන යටතේ අඩුආදායම් ලාබීන්ට හාල් බෙදාදීම අප සමිතියෙන් සිදුකළා.

ඔය වෙනකොට පදවිය සමිතියේ හාල් තොගයක් නරක්වෙලා අපේ සමිතියේ ගබඩා කරලා තිබ්බා.ඒවට ගුල්ලෝ ආපු නිසා අනිකුත් ආහාර වලටත් සත්තු බෝවන නිසා පදවිය සමිතියෙ පූර්ණ අනුදැනුම මත විනාශ කිරීමට අවශ්‍ය කටයුතු කළේ සාමාන්‍යාධිකාරිවරයා විසින්.ඒවා සත්ව ආහාර වලට ලබාදුන්නා කියලා සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා.

මම බන්දුසේන ගුණතිලක සභාපතිවරයාට කියන්න කැමතියි බොරු කියන්න ඉස්සර හරියට බොරුව හදාගන්න පුරුදු වෙන්න.සමිතියේ සම්පත් විනාශ නොකර මිනිස්සුන්ට බොරු චෝදනා එල්ල නොකර අයින්වෙලා යන්න.

ආණ්ඩුකාරතුමාට  විරුද්දව නඩු දාන්න කලින් ඔබතුමාගේ පාපිසි නඩුවෙන් නිදහස් වෙන්න කියලා මම කියනවා.ඉක්මනින් ඒ වංචා කරපු මුදල් අදාල පාර්ශවයට ගෙවන්න අවසථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

තව තව දේවල් අපි සතුව තියෙනවා ඒ නිසා ඒවා රටට එළිකර ගන්නේ නැතුව නිහඩව තනතුරෙන් අයින්වෙලා යන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….