මෙරටදි ගිනි අවි නිපදවා වැඩ වරදී

අර්ධ ස්වයං ක්‍රීය ගිනි අවියක් වන බෝර 12 ගිණි අවියට ඉතා සමාන අන්දමින් මෙරට ගිනි අවි නිපදවු පුද්ගලයෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් නිපදවු අවියක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

තිරප්පනය පොලිස්වසමේ පතිරාජගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් තිබෙනා බවට පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් අදාල ගිනි අවිය විදේශිය නිෂ්පාදිත බෝර -12 අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියට සමානවම තනා තිබූ බවත් ඊට බෝර-12 වර්ගයේ ගිනි අවි වලට යොදන පතුරම් යෙදිය හැකි බව පොලිසිය සිදුකළ පරික්ෂන වලදි අනාවරණයවි තිබුණි.

සැකකරු විසින් ගිනි අවි නිපදවා හේන් ගොවීන්ට අලවිකරනා බවට පොලිසියට සැකමතුවි තිබෙනා අතර ඔහු ගිනි අවි කිහිපයක්ම නිපදවා ඇති බව පොලිසිය සිදුකළ මූලික පරික්ෂණ වලදි අනාවරණයවී තිබුණි.

සැකකරු විසින් හේන් ගොවියන් හා වන සතුන් දඩයම් කරනා පුද්ගලයින්ට නිෂ්පාදනය කළ ගිනි අවි විකුණන්නට ඇති බවත් ඔහුගෙන් ඒ පිළිබදව ප්‍රශ්න කරනු ලැබුවත් පැහැදිලි ප්‍රකාශයක් ලබානොදුන් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් ගිනි අවිය ඉතා හොද තත්වයෙන් නිපදවා තිබු බවත් එම අවියෙන් එල්ල කළ හැකි ප්‍රහාරයකින් පුද්ගලයෙකුට මරණිය තුවාල සිදුකළ හැකි බව පොලිසිය තහවුරු කරගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා තිරප්පනය පොලිස්ථානයට බාරදි තිබුණු අතර ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ උපදෙස්මත පොලිස් පරික්ෂක රත්නායක පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 48317 රාජරත්න 61934 ඉලංගසිංහ 68492 හා කාන්තා පොලිස් කොස්තාපල් අමිතා 7215 යන නිලධාරින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….