රට පුරා කොවිඩ් පැතිරීමට හේතුව

රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ  පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි.

මේ සෑම උද්ඝෝෂණයක් සඳහා අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇති බවත් සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වු බව මෙහිදි පෙන්වා දී ඇත.

මේ වන විට කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇති අතර විශේෂයෙන්ම මෙම තත්ත්වය බස්නාහිර පළාතේ රෝහල් වලට දැන් දරාගත නොහැකි මට්ටමකට ළංව ඇත.

ජනාධිපතිවරයාට බුද්ධි අංශ කියු පරිදි මේ වෛරසය පැතිරීමට උද්ඝෝෂණ හේතු වූවාද? යන්න විමසීමට ලක් කළ යුතු කරුණකි. එමෙන්ම පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට කොවිඩ් ආසාදනය වුයේ මේ උද්ඝෝෂණ නිසාද යන්න සිතා බැලිය යුතු කරුණකි.

පළාත් අතර සංචරණ සීමා

තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයේදීම රජය මුලින්ම සිදු කළේ පළාත් අතර සංචරණ සීමා පැනවීමය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද දිනපතාම මාධ්‍ය වෙත කියා සිටියේ පළාත් අතර කිසිවෙකුටවත් යාමට නොහැකි බවය. ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවය.

නමුත් මා දන්නා පරිදි අප්‍රියෙල් මාසයේ සිටම ජනතාව රිසි සේ පළාත් අතර ගමන් බිමන් ගියහ. පොලිස් මාර්ග බාධකයකදී වුවත් එම නිලධාරීන් නවතනු ලබන්නේ යතුරු පැදියක් හෝ ත්‍රිරෝද රථයක් පමණි. අනෙක් වාහන නවත්වන්නේ නැත.

මා දන්නා කිහිප දෙනෙකුම වව්නියාවේ සිට ගාල්ලටත්, ගම්පහ සිට අනුරාධපුරයටත්, මාතලේ සිට කොළඹටත් කි, පොලොන්නරුවේ සිට ගාල්ලටත් පැමිණයේ කිසිදු බාධාවකින් තොරවය. එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියු පරිදි පළාත් අතර වෙන් වන ස්ථාන වල පොලිස් මාර්ග බාධක ඇතැම් විට තිබුණේද නැත.

පොදු ප්‍රවාහනය

සංචරණ සීමා ලිහිල් කිරිමෙන් පසුව රට විවෘ වෙද්දී සේවකයින් සේවයට කැඳවද්දි ජනතාවට ගමන් කිරිමට ප්‍රමාණවත් පොදු ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත. එය රජය පිළිගත යුතු කරුණකි. නිදසුනක් ලෙස පෞද්ගලික මඟී බස් රථයක නම් සෙනඟ පිරෙන තුරු ජනතාව එහි නැඟ පැය ගණනක් බලා සිටිය යුතුය. දුම්රිය භාවිතයේදීද උදේ වරුවේ තිබුණාට සවස් වරුවේ දුම්රිය ධාවනය අඩු විය.

විශේෂයෙන්ම දුම්රිය රියදුරන්ට එන්නත් ලබා දුන් දින, පි.සි.ආර් කළ දින හා කොවිඩ් පිලිබඳ බිය ඇති වු දිනවල බොහෝ දුම්රියන් අවලංගු වුහ. ජනතාවට ගමන් කිරිමට සිදු වුයේ සීමිතව ධාවනය වු දුම්රිය කිහිපය තුලය. හුස්මක් ගැනීමටවත් නොහැකි මඟින් පොරකමින් සිටි ඒ් දුම්රියන් තුල ඩෙල්ටා පමණක් නොව සියලුම රෝග බෝවිය හැකිය.

පොදු ස්ථාන වල සෞඛ්‍යාරක්ෂිත උපදෙස්

අනෙක් කරුණ නම් වන්නේ මුඛ ආවරණ පැලඳීම හා දෑත් පිරිසිදු කර ගැනීමය. මුඛ ආවරණ නම් අද වන විට බොහෝ දෙනා පළඳිනු ලබයි. බොහෝ දෙනා දෑත් පිරිසිදු කර ගැනීමේ කටයුතුද සිදු කරගනු දක්නට හැකිය. නමුත් කොවිඩ් පළමු රැල්ලේදී මෙන් පොදු ස්ථාන වල , ආයතන පිවිසුම් දොරටු අසල අද දෑත් සේදීමට ඇත්තේ ජලය පමණි. අවම වශයෙන් සබන් කැටයක්වත් නැති තැන් බොහෝය. තවත් සමහර තැන් වල ජලයද නැත. ඇතැම් සින්ක් වල අපිරිසිදුභාවය දුටු විට අත සේදීමට නොව එහි වමනය කිරිමට තරම් සිතේ.

සෙනඟ ගැවසීමට ඉඩ හැරීම

ඇතැම් සංචාරක ස්ථාන වල ජනතාවට රිසි සේ ගොස් ඒ්කරාශි වී සතුටු වීමට කිසිදු බාධාවක් වුයේ නැත. විශේෂයෙන්ම පහුගිය දිනවල මීගමුවේ ඒ්ත්තුකාල මුහුදු තීරයේ විශාල වශයෙන් ජනතාව ගැවසෙමින් සිටියහ. පවුල් පිටින් විනෝද චාරිකා ගියහ. මිනිසුන්ගේ මේ බිය සැක නැති කළේ ආණ්ඩුවේ ක්‍රියා කලාපයය. කතරගම පෙරහැර පැවතුණෙද ගිය මාසයේය. කොළඹින් කතරගමට සෙනඟ ගියහ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පෙරහැරේද අවසානයේ රැසක් පොසිටිව් විය.

අතවශ්‍ය ආහාර මිල ඉහළ යාම

කොවිඩ් වලින් බැට කමින් සිටි ජනතාව මුහුණ දුන්නේ ආහාර අර්බුදයකටය. දිනෙන් දිනම අතවශ්‍ය ආහාර වල මිල ඉහළ යද්දී බොහෝ මිනිසුන් අසරණ විය. ඔවුන්ට පෝෂ්‍යදායි ආහාර නොමැති විය. ඒ් නිසා දුපිපත් ජනතාවගේ පෝෂණය අඩාල විය. සෞඛ්‍ය පිරිහුණි. මුදල් ඇති අය කා බී සිටියහ.

ජනතා ගැටලු

ජනතා ගැටලු දිනෙන් දින ඉහළ යද්දී ඔවුන් ඊට සිදු කළේ විරෝධතා නැඟීමය.  එදා පොහොර වෙනුවෙන් හඬ නැගූ පිරිස පළමුවෙන්ම මේ රජය අත්අඩංගුවට ගත්හ. එදා සිට ගුරුවරුද සටනද අවතීර්ණ විය. සැබවින්ම මෙය නිදා සිටි නයෙකුට ගලක් ගසා අවදි කිරිමක් මෙන් විය.  රජය විසින් මේ පුද්ගලයින්ව උද්ඝෝෂණ කරන තැනට පාරට තල්ලු කලහ. මේ අතර කොහෙන්දෝ කොතලාවල පනතක් ගෙන ආවේ කොවිඩ් අස්සේ සම්මත කර ගැනීමටය. දැන් එයද රජයට වැරදී ඇත. දැන් ගුරුවරු මදිවාට කොතලාවල පනතටත් ජනතාව වීදි බැස ඇත.

WHO අනතුරු අඟවද්දි රට ඇරීම

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට අනතුරු අඟවා සිටියදී එය නොතකා රට ඇරීමට, සියලු සේවකයින් සේවයට කැඳවීමට රජය තීරණය කලහ. මෙයද අවසානයේ ජනතාවටම පාරාවලල්ලක් විය. රජයේ අත්තනෝමතික තීරණ වලින් පීඩාවට පත් වුයේ රටේ ජනතාවය. මෙහිදි අවම වශයෙන් ගැබිණි මව්වරුන් ගැනවත් නොසිතා කටයුතු කර තිබුණි. ගැබිණි මව්වරුන් සේවයට කැඳවද්දි ඒ් ජිවිත දෙකක් බව රජය අමතක කර තිබුණි.

අත්අඩංගුවට පත් වුවන් නෙගටිව්

මේ උද්ඝෝෂණ වලදි පොලිස් අත්අඩංගුවට පත් වු කිසිවෙකු පොසිටිව් බව හෙළි වුයේ නැත. සිදු කළ පරික්ෂණ වලදි සියලු දෙනා නෙගටිව් වු බව අප අමතක නොකළ යුතුය.

කොවිඩ් මරණ හා කොවිඩ් එන්නත

මේ වන විට කොවිඩ් මරණ 5000 සීමාවට ආසන්න වෙමින් ඇත. මේ මරණ වලට හේතුව, කොවිඩ් වැලඳිමට හේතුව ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබුණේ වයස අවුරුදු 60 ට වැඩි පිරිස් බහුල වීමය. එමෙන්ම ඔවුන් එන්නත ලබා නොගෙන තිබිමය. නිදන්ගත රෝග තිබීමය. සෞඛ්‍ය දුර්වල වීම වැනි කරුණුය.

එමෙන්ම එන්නත් ගැන  කථා කිරිමේදි  ඇස්ට්‍රසෙනිකා එන්නත දෙවැනි මාත්‍රාව නොමැතිව ලක්ෂ හයකට ආසන්න පිරිසක් මාස 05 කට වඩා බලාගෙන සිටියහ. දැන් බලා සිටින්නේ සයිනෝෆාම් එන්නතේ දෙවැන්න ලබා ගැනීමටය.

ඉහත සඳහන් කළ කරුණු  මේ කොවිඩ් ව්‍යාප්තිය ඇති වීමට හේතු කිහිපයක් පමණක් වේ. තව බොහෝ කරුණු ඇත. නමුත් බුද්ධි අංශ දැක ඇත්තේ මේ කරුණු නොව උද්ඝෝෂණය කළ වාර ගණනය. සහභාගි වු පිරිස් ප්‍රමාණයය.

කෝච්චි වල, බස් වල ජනතාව දුවිලි නාගෙන, පොරකමින් ගමන් කරනවා මේ බුද්ධි අංශ දැක නැති පාටය. ජනතාවට උද්ඝෝෂණ කරන්නට වුයේ ඇයිද යන්න මේ බුද්ධි අංශ නොදැන සිටියා වැනිය.

බුද්ධි අංශය දැන සිටියේ රජයට එරෙහි කටයුත්තක් සිදු වන්නේ නම් ඒ්වා වාර්තා කිරීමට පමනක් නොවන්නේද?

ශානි

(ඡායාරූපය උපුටා ගැනීම සිරස මාධ්‍ය ජාලයෙනි.)

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….