රෝහලක සේවකයින් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමක

අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නිරතවෙමින් හෙරොයින් ජාවාරමේ නිරතවු කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොළඹ සිට ගුද මාර්ගයේ සගවාගෙන හෙරොයින් ග්‍රෑම් නමයකට ආසන්න ප්‍රමාණයක් අනුරාධපුර නගරයට රැගෙන එමින් සිටියදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (30දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ආකාශ් නදී කුරේරා මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු ගිලන් රථ රියදුරෙකු වන පොලොන්නරුව පරාක්‍රමසමුද්‍රය ලිපිනයේ පදිංචි 27 හැවරදි අමිත් සමීර කුමාර හා කොවිඩ් 19 රෝග නිවාරන ඒකකයේ සේවයේ නියුතු කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක තල්පොත පොලොන්නරුව ලිපිනයේ පදිංචි සිසිල් ප්‍රසන්න යන සැකකරුවන්ය.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා කොළඹ සිට යාපනය දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියෙන් අනුරාධපුර නගරයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවත් පසුව ඔවුන් පරික්ෂා කළ අවස්ථාවේ හෙරොයින් ගුලි ගුද මාර්ගයේ සගවාගෙන සිටියදි හමුවු බවයි.

සැකකරුවන් දෙදෙනාම කලක සිට හෙරොයින් අලවිකිරිමේ ජාවාරමක නිරතවි සිටිනා බවත් ඔවුන් කොළඹ ප්‍රදේශයට ගොස් ඉතා රහසිගතව හෙරොයින් රැගෙනවිත් අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු මතට ඇබ්බැහිවුවන්ට හා වෙනත් පිටස්තර පුද්ගලයන්ට මත්කුඩු අලවිකර තිබෙනා බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

මෙම ජාවාරම්කරුවන් දෙදෙනා සමග අනුරාධපුර රෝහලේ ආපන ශාලාවේ සේවකයෙකුත් කිට්ටු සබධතා පවත්මින් ජාවාරමට මුදල් යොදවනා බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණය කරගෙන තිබුණි.

සැකකාර ගිලන්රථ රියදුරා සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් 540ක් හා මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සේවකයා සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 250ක් තිබු බව පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැන්වුවේය.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ උපදෙස්මත පොලිස් පරික්ෂක රත්නායක පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර 48317 රාජරත්න 61934 ඉලංගසිංහ 68492 හා කාන්තා පොලිස් කොස්තාපල් අමිතා 7215 යන නිලධාරින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….