වැරදුනු මංකොල්ලය

බැංකු ඒ.ටී.එම් යන්ත්‍ර සදහා මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික සමාගමක ආරක්ෂක අංශ නිලධාරින්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර රුපියල් ලක්ෂ 120ක ටෙලර් යන්ත්‍ර සේප්පුවක් කොල්ලකෑමට උත්සහ කළ නාදුනණ කොල්ලකරුවන් දෙදෙනෙකු සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් (6දා)උදෑසන ආරක්ෂක අංශ නිලධාරියෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබෙන අතර ආරක්ෂක නිලධාරින්ගේ දක්ෂතාවය නිසා කොල්ලය වැරදුනු කොල්ලකරුවන් යතුරු පැදියෙ නැගී පලාගොස් තිබේ.ආරක්ෂක නිලධාරින්ගේ ප්‍රහාරයෙන් කොල්ලකරුවෙකුත් තුවාල ලබා ඇති බවට සැකමතුවි තිබෙනා බව පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

අනුරාධපුර නව නගරයේ සිවුවන පටුමගේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට මුදල් තැම්පත් කිරීමට පැමිණි පෞද්ගලික ආරක්ෂක නිලධාරින් හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුව සිදුවි තිබේ.

ඊයේ (6දා) උදෑසන 6.30ට පමණ සිද්ධිය සිදුව තිබෙන අතර ආරක්ෂක අංශ නිලධාරින් අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි සමග අදාල බැංකුවේ ඉදිරිපිට  වෑන් රථය නවතා යන්ත්‍රයේ කුටියට මුදල්  තැම්පත් කිරීමට සූදානම් වද්දි කොල්ලකරුවෙකි එහි පැමිණ ආරක්ෂක නිලධාරියා අතවූ කුඩා සේප්පුව පැහැර ගැනීමට පොරබදා තිබේ.

පසුව ඔවුන්ගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර වහාම ක්‍රියාත්මකවු ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් ඔහු අතවූ රිපීටර් වර්ගයේ අවියෙන් යතුරු පැදියෙන් පලායෑමට උත්සහ කළ කොල්ලකරුවන් දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලකර තිබේ.

ඒ අවස්ථාවේ කොල්කරුත් ඔහු අතවූ පිස්තෝලයකින් ආරක්ෂක අංශ නිලධාරින් දෙසට වෙඩිතබා පලාගොස් තිබෙනා අතර කොල්ලයට පැමිණි සැකකරුවන් මුහුණු අවරණය වන පරිදි ආරක්ෂිත හිස් වැසුම් පලදාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් පැමිණ නැවත පලායන අයුරු පරික්ෂණ සිදුකරන පොලිසිය අනුරාධපුර නව නගරයේ ඇති ආරක්ෂිත කැමරා කිහිපයකින්ම නිරික්ෂණය කර තිබෙනා අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

පලාගිය කොල්කරුවෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවන්නට ඇති බවට පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරින් තහවුරු කරයි.සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ ස්ථානිය පරික්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.

උතුරු මැද පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස්වත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම් සංජීව මහනාම මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජී විදානගමගේ ඇතුළු අපරාධ ස්ථානාගාරයේ නිලධාරින් පරික්ෂණ සිදුකරති.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….