විල්පත්තුවේ අක්කර සියක් කෝමාරිකා වගාවකට කියා විනාශ කරයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව අනාවරණය වේ.

මේක කරන්නේ කාගේ වුවමනාවටද, කාගේ බලයටද කියන ප්‍රශ්නය තියෙනවා. රාජාංගණයට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අවශ්‍යතාව මොකක්ද? ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි, කෝමාරිකා වගාවයි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මේ ව්‍යාපෘතියේ යටි අරමුණක් තිබෙනවා. උඩින් පෙන්වන ව්‍යාපෘතිය නෙවෙයි පසුව සිදු කරන්නේ. අවසානයේ සිදුවන්නේ විල්පත්තුව ප්‍රේරණ කලාපයේ ඉඩම් ටිකක් නැති වීමයි. මේ කටයුතුවලදී රාජ්‍ය අංශයේ නිසි අවසරයක් නැතිව දේශපාලන හයියකින් මේ වැඩේ කරන්නේ.

මේ පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ අදාළ කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ වහාම සොයා බැලීමට කටයුතු කරන බවය.

Related posts