හැටන් නගරයේ සුදු කොඩි

ලංකා කම්කරු කොංග්‍රස්  නායක හා ප්‍රජා සවිබල ගැන්විම් වතු යටිතල පහසුකම් ඇමතිව සිටි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවයත් සමග හැටන් ප්‍රදේශයේ වෙලද ප්‍රජාවද දැඩි ලෙස ශෝකයට පත්ව ඇත.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් හැටන් නගරයේ වෙලද සැල්වල මෙන්ම මාර්ගයේද රථ වාහනවලද සුදු කොඩි ඔසවා ඇති අකාරයක් දක්නට හැක.

මේ පිලිබදව අදහස් දක්වන හැටන් ප්‍රදේශයේ බොහෝ වෙලදුන් පවසන්නේ ආරුමුගන් තොණ්ඩමන් මහතා මෙම ප්‍රදේශයට විශාල සේවයක් කල අයකු බවත් ඔහුගේ මෙම හදිසි අභාවය විශාල පාඩුවක් බවත්ය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Related posts