හැටන් සංචරණ සිමා – පස් කන්දක් කඩා වැටි තිදෙනකුට තුවාල

කොවිඩ් වසංගයත් සමග 13වන දින රාත්‍රියේ සිට 17වන දින අලුයම 4.00 දක්වා සංචර සිමා පැනවිමත් සමග හැටන් නගරයට පැමිනෙන රථ වාහන පරික්ෂා කිරිමට හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත.

ඒ අනුව හැටන් නගර මධ්‍යයේ නගරයට අත්‍යවශ්‍ය කටයුතු සදහා පැමිනෙන රථ වාහනද පරික්ෂාවට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර එම අත්‍යවශ්‍ය කටයුතු සදහා පැමිනෙන රථ වාහන එම කටයුතු සදහා යාමට ඉඩ ලබා දිමටත් නිකරුනේ පැමිනෙන රථ වාහන හිමියන්ට එරෙහිව නිතිමය පියවර ගැනිමටත් පොලිසිය මගින් පියවර ගෙන ඇත.

මෙසේ සංචර සිමා පැනවිමත් සමග හැටන් නගරයේ සියලුම වෙලද සැල් වසා දැමිමත් සමග නගරය පාලුවට ගොස් ඇති අකාරයක්ද දක්නට හැක.

ගිනිගත්හේන පොලිස් වශමට අයත් පල්ලේ වත්ත ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ සිටි තිදෙනකු තුවාල ලබා නාවලපිටිය මුලීක රෝහලට ඇතුලත් කර ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයට 13වන දින ඇද හැලුන වර්ෂාව හේතුවෙන් 13වන දින ම‍ධ්‍යම රාත්‍රි 12.30ට පමන පල්ලේ වත්ත බට දෙක ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එහි සිටි තිදෙනකු තුවාල ලබා නාවලපිටිය මුලීක රෝහලට ඇතුලත් කර ඇති බවත්ය.

මෙම පස් කන්ද කඩා වැටිමෙන් එම නිවසටද අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත් එම නිවසේ සිටි පිරිමි පුද්ගලයකු හා කාන්තාවන් දෙදෙනකු මෙසේ තුවාල ලැබිමෙන් රෝහල් ගත කල බවත්ය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි නාවලපිටිය රෝහලේ නිලධාරියකු පවසසන ලද්දේ එම තුවාල කරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත් ඔවුන් රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts