හිමිනමකට කළු තෙල් ප්‍රහාරයක්

දිගු කළක සිට පවතින ආරවුලක් හේතුවෙන් විහාරස්ථානයක වැඩ වසන හිමිනමකට කළු තෙල්වලින් සිරුරට ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනාවට යුදහමුදා සෙබළෙකුගේ බිරිය සමග ඇගේ මව කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කහටගස්දිගිලිය කොක්මඩුව දෙඹල්ගල වැඩ වසන තරුණ හිමිනමකට රාත්‍රීයේ කළු තෙල් ප්‍රහාරය එල්ලවි ඇති අතර සැකකාර 28 හැවරදි දෙදරු මව ඊට අනුබලදුන් ඇගේ මව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විහාරවාසිව සිටින හිමිනම සමග කළු තෙල් ප්‍රහාරය එල්ල කළ 28 හැවරදි කාන්තාව මීට කළකට පෙර අනියම් සබධතාවක් පවත්වා ඇති බවත් එම සම්බන්ධතාව අත්හැරීම නිසා ප්‍රහාරය එල්ලවි ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවි තිබේ.

කාන්තාවගේ පවුලේ උදවිය හා විහාරස්ථානයේ වැඩවසන හිමිනම සමග පසුගිය කාලය පුරාම ආරවුල් පැවත ඇති අතර පහරදීම් රණ්ඩු සරුවල් අයුතු ඇතුල්වීම් ඇතුළු චෝදනාවන් සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිස්ථානයට දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබි තිබු අතර උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් ආරවුල් සම්බන්ධයෙන් මීට සති කිහිපයකට පෙර පැමිණිලි ලැබි තිබුණි.

කහටගස්දිලිය පොලිසිය නිසි විමර්ශන සිදුනොකරන බව පවසමින් හිමිනම විසින් පැමිණිලි සිදුකිරීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වෙනත් පොලිස් කණ්ඩායමක් යොදා පරික්ෂණ පවත්වා තිබුණි.

කාන්තාව හා හිමිනම අතර කළක සිට පවතින අනියම් ඇසුර නිසා සාමය කඩවි තිබු බවත් කාන්තාවගේ සැමියා වන යුදහමුදා සෙබළාත් ඇය හැරදමා ගොස් ඇති බව පොලිසිය පවසයි.

දිගින් දිගටම ආරවුල් ඇතිවීම නිසා යුද හමුදා සෙබළා සිය බිරිද හැරදමා ගොස් ඇති බව කියන පොලිසිය පසුව අනියම් සබධතාව පැවත්වු හිමිනමත් ඇය අතහැරීමට කටයුතු කිරීම නිසා කාන්තාව ඊට උරණවි කළු තෙල් ගැසීම සිදුකර තිබෙනා බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණය වි තිබුණි.

තරුණ කාන්තාවගේ මවත් අනියම් පෙමට අවස්ථාව සලසා ඇති බව පොලිසියට පරික්ෂණ වලදි අනාවරණයවී තිබෙනා අතර දියණියගේ විවාහය දෙකඩවීම හා හිමිනමත් අහක බැලීම නිසා කළු තෙල් බාල්දියක පුරාවා ගෙන ගොස් ආවස ගෙයි සිටි හිමිනමට ගසා ඇති බව පොලිසිය පවසයි.සැකකරුවන් දෙදෙනා ප්‍රහාරයට රැගෙන ගිය කළු තෙල් බාල්දිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනියම් පෙම පැවත්වු හා ඊට ආධාර අනුබලදුන් මව අත්අඩංගුවට ගෙන අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇපමත මුදාහැර තිබුණි.

කහටගස්දිගිලිය පොලිසියේ වැඩ බලන ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හේරත් මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….