කළාප අධ්‍යාපන කාර්යාලයෙන් යූ-ටියුබ් නාලිකාවක්

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග වසාදමා ඇති රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසු දරුවන්ට නිවසේ සිට පහසුවෙන් අධ්‍යාපනය හැදෑරීම සදහා අනුරාධපුර කළාප අධ්‍යාපන කාර්යාලයෙන් යූ-ටියුබ් නාලිකාවක් ආරම්භ කර තිබේ.

අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයකට අනුව සත්සල් ටීවි නාලිකාව ආරම්භවි ඇති අතර නාලිකාව නරඹමින් විශාල සිසුන් පිරිසක් අධ්‍යාපන කටයුතු සිදුකර තිබෙනා බව අධ්‍යාපන කාර්යාලය සදහන් කළේය.

හයවන ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා සිසුන්ට සත්සල් ටීවි නාලිකාව ඔස්සේ ඉංග්‍රීසි සිංහල ගණිතය විද්‍යාව හා ඉතිහාසය විෂය හැදෑරිමට අවස්ථාව උදාකරදි තිබේ.සංවර්ධන අධ්‍යක්ෂිකා තනූජා වක්කුඹුර විෂය අධ්‍යක්ෂවරුන් වන සේපාලිද සිල්වා ධනෝද්‍යා ඒකනායක චමින්ද ජයවීර හා ගල්ලෑල්ලේගම ධම්මසීහ යන අධික්ෂණය යටතේ සියළුම විෂයන් විකාශය කිරීම සිදුවෙමින් පවති.

තාක්ෂණික සහය ලබාදෙමින් ජානක සෝමරත්න මහින්ද මෙත්තසේන අර්චන කුමාර යන ගුරු මහතුන් විසින් යූ-ටියුබ් නාලිකාව නිර්මානය කර සිසුන්ට අවශය දැනුම ලබාදීමට පියවර ගෙන තිබේ.මේ සම්බන්ධයෙන් අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගෙන් කළ විමසීමකදි ඇය මෙසේ පැවසුවාය.

කොව්ඩි අර්බුදයත් එක්ක දරුවෝ දහස් ගණනකගේ මූලික අවශ්‍යතාවක් වන අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාලවිමේ අවධානමක් ඇතිවෙලා තියනවා.ඒ කට අවශ්‍ය පිලියමක් වශයෙන් තමයි සත්සල් ටීවි යූ-ටියුබ් නාලිකාව ආරම්භ කළේ.අපි දින ගණනාවක් තිස්සේ නිදිවරාගෙන වැඩකරලා තමයි මේ නාලිකාවේ වැඩ ආරම්භ කළේ.

විෂය අධ්‍යක්ෂවරුන් ගුරුවරුන් කිහිප දෙනෙකුම තමන්ගේ කාලය පෞද්ගලික මුදල් වියදම් කරමින් තමයි දරුවන්ට දැනුම ලබාදිමේ නාලිකාව ආරම්භ කරේ දින තුනයි සෑම පන්තියකම සෑම විෂයක්ම පාසල් දරුවෝ 2000කට අධික පිරිසක් නරඹලා අධ්‍යාපන කටයුතු කරලා තියනවා.

මේ අවස්ථාවේ මට මඩ ප්‍රහාරත් එල්ල වෙනවා නමුත් කිසිම ප්‍රශ්නයක් නෑ.දරුවන් වෙනුවෙන් වැඩක් කරලා මඩ නෑවට කමක් නෑ.අන්තර් ජාලය එක්ක කටයුතු කරද්දි විවිධ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා නමුත් දෙමාපියනුත් දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරාම කිසිම ගැටළුවක් එන්නේ නෑ.

යූ ටියුබ් නෙමෙයි සූම් තාක්ෂණය ඔස්සේ වැඩකරද්දිත් ප්‍රශ්න එනවා.දරුවන් දහස් ගණනකට එකවර උගන්වන්න සූම් තාක්ෂණය මිලදි ගන්න මූල්‍යම හැකියාවක් නැති නිසා මේ කටයුත්තට ඇත ගැසුවා යැයි අධ්‍යක්ෂවරිය පැවසුවාය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….