නුවරඑළියෙන් ආසාදිතයන් 78ක් බගවන්තලාවෙන් ආසාදිතයන් 27ක්

corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 30වන දින සවස් වන විට අලුතින් ආසාදිතයන් 78 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 4166 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 11ක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 08ක්, මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, මතුරට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 06ක්, නව තිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 30ක්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 03ක්, වලපනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 15ක්, වශයෙන් ආසාදිතයන් හමුව ඇති බවත්ය.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන්  වතු ආශ්‍රිතව 01වන දින උදැසන වන විට අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 27 දෙනකු හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මෙම පිරිස කැම්පියන් වතුයායේ පහල කොටස, බගවන්තලාව වතුයායේ ඉහල කොටස, කර්කස්වෝල්ඩ් වතුයාය, ටිලරි වතුයාය, යන වතුවලින් පසු ගිය දිනවල හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු හදුනා ගත් ආසාදිතයන් බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ හදුනාගන්නා ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. වාර්ථා මත 31 වන දින මෙම ආසාදිතයන් හමුවු බවත් දික්ඔය මුස්ලිම් විදුහලක මවුලවිවරයකු හැටන් ප්‍රදේශයේ පාස්ටර්වරයකු, මෙන්ම හැටන් ගාමිණි පුර, ආරිය ගම, කන්දේ විදිය, යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හතලිහක පමන පිරිසක් හදුනා ගෙන ඇති බවත් එම පිරිස ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts