දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ වැඩපිළිවෙලක්

කොරෝනා කොවීඩ් වසංගත තත්ත්වයත් සමඟ අඩපණ වී ඇති මධ්‍යම පළාතේ දේශීය කර්මාන්ත කඩිනමින් නඟා සිටුවීම සදහා වැඩපිළිවෙලක් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

මෙවර අය වැය මගින්  දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ස්වයං රැකියා හා දේශීය කර්මාන්ත දියුණු කිරීම සඳහා ව්‍යවසායකයන් වෙත  උපකරණ ප්‍රදානය කිරීම නිමිත්තෙන් මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැති උත්සවයකදී ඒ මහතා සදහන් කළේය.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය හා එම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන තුනක වියදමින් ස්වයං රැකියා හා සුළු පරිමාණ කර්මාන්තකරුවන් එකසිය තිස් දෙනෙකු සඳහා මෙම ද්‍රව්‍යාධාර තොගය ප්‍රදානය කෙරිණි.

ඒ නිමිත්තෙන් පැවැති උත්සවයේදී ප්‍රතිලාභීන් අමතමින්, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට වත්මන් ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව කීවේය. කුඩා කර්මාන්තකරුවන්ගේ වෙළඳ පොල මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර නොසැලෙන ව්‍යවසායක පිරිසක් බිහිකිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව යැයි ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

කොරෝනා වසංගතය ආරම්භයේදීම කර්මාන්තකරුවන් රැසක් දැඩි අසරණ තත්ත්වයට පත් වූ නිසා කොරෝනා දෙවන රැල්ලේදී රට නොවසා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව ක්‍රියාකරන බව ඒ මහතා කීවේය. නිෂ්පාදන සඳහා සරිලන දේශීය හා විදේශීය මිලක් නියම කිරීම සඳහා කටයුතු කරන බව ද ඒ් මහතා කීවේය.

1970  පමණ වැනි යුගවලදී බතික් වැනි දේශීය නිෂ්පාදන ශත්තිමත්ව පැවැතියත් පසුව බලයට පත් වූ පාලකයන් ගත් විවිධ තීරණ නිසා එම කර්මාන්ත බිද වැටීමට ලක් වුණු බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

එම කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දුනීසියාව වැනි රටවල් සතියකට එක් දිනයක් දේශීය නිෂ්පාදන සදහා ඇදුම් පැළදීම රාජ්‍ය සේවකයන් සඳහා අනිවාර්යය කර ඇති බවත්  මේ තුළින් සිය දේශීය කර්මාන්ත මේ දක්වා ම රැක ගැනීමට ඉන්දුනීසියාවට හැකිවුණු බව ඒ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාවේද දේශීය කර්මාන්ත රැක ගැනීම සඳහා අතිගරු ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අනුව යමින් මධ්‍යම පළාතේ කර්මාන්ත හා ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා කටයුතු කරන බව ආණ්ඩුාකර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමීණී රාජරත්න මහතා, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් මධුපානී පියසේන මහත්මිය, පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමීර රත්නායක මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.පී.රත්නායක මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….