ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව

thilak-pream kathawa

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන තිලක් සේනාසිංහ මහතාගේ ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව’ යනු මෑතක ප්‍රකාශයට පත් නවකථාවකි. තිලක් සේනාසිංහ මහතා සිය නවකථාව, රජරට පෙදෙසේ දී ඔහුට හමුවූ පුද්ගලයකු ගේ චරිතාදර්ශයක් මත එක්තරා දුරකට දිග හරියි. මේ වෘත්තාන්තය හුදෙක් ඒ කියූ තැනැත්තාගේ පෞද්ගලික චරිත කථාවම නොවේ.

මූලිකව කර්තෘ වරයා පාඨක සිත් නවකථාවේ ආරම්භයේදීම ආකර්ශනය කර ගන්නේ විශ්‍රාමික රජයේ සේවකයකු වූ ජිනප්‍රිය මහතා සහ ඔහුට කෑම බීම සපයන පොඩ්ඩි යන සුරතල් නාමයෙන් අන්වර්ථ වූ කාන්තාව අතර මෝදු වන ආකස්මික ලෙන්ගතුකම නාට්‍යමය ලෙස කථාවේ නිරූපණය කිරීමෙනි.

කතුවර තිලක් සේනාසිංහ තම ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව මඟින් වැඩිහිටි තලතුනා මිනිසකුත් තවමත් තරුණ වයස් පරාසයක සිටින කාන්තාවකුත් අතර හැඟුම්බර හා රෝමාන්තික ප්‍රේම කථාවක් ගොඩනැඟීමට උත්සුක නොවේ.

ඔහුගේ වෘත්තාන්තය එක් අංශයකින් ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිගේ ‘god of small things’ නවකථාව කියවීමේදී පාඨකයාට දැනෙන භාවාත්මක හැඟීමට සමාන හැඟීමක් අප තුළ දනවයි. ‘god of small things’ නවකතාව පිළිබඳව හාපර්ස් ඇන්ඩ් ක්වීන් යන විචාරකයෝ මෙසේ කීහ. “මෙය බුද්ධිය ස්පර්ශ කරගෙන හදවතට දැනෙන සේ ලියූ නව කථාවකි” ඒ කියමන තිලක් සේනාසිංහගේ මෙම නවකතාවට ද ගැළපීම උචිත බව මම යෝජනා කරමි.

මෙහි එන ජිනප්‍රිය මහතාගේ බිරිඳ හා දරුවෝ ඔවුන්ගේ උන්නතිකාමී ජීවිත අරමුණු සාධනය කරගනු පිණිස විදෙස් ගත වී සිටිති. ජීවිතයේ බරපතල රාජකාරි සමයකින් පසුව ජිනප්‍රිය තම දිවියේ සැඳෑ භාගය ගත කරනුයේ මිතුරෙකු මාර්ගයෙන් ලබාගත් ගම්බද නවාතැනක ය. ඔහුට කෑම බීම සපයන පොඩ්ඩි ඈට නොසරිලන දෙවැනි විවාහයක පැටලී සිටින්නියකි.

ඇය ජිනප්‍රිය මහතා සමඟ තම පෞද්ගලික ජීවිතය හා හැඟීම් නොපැකිලිව විවෘත කරන්නේ ඔහු නිසා තමාට කිසිදු මානුෂික හානියක් සිදු නොවන බව ඉවෙන් මෙන් දැනගැනීමෙන් පසුව ය. එමතුද නොව ජිනප්‍රිය නිසා පොඩ්ඩි මින් පෙර ඇය නොවිඳි ශාරීරික තෘප්තියක් ද ආධ්‍යාත්මික ශාන්තියක් ද ලබා ගනී. ඒ වෙනුවට ඇය මෙවන් තලතුනා මිනිසෙකු පිළිබඳව පරිත්‍යාගශීලී නිවී සැනහුණු මානසික තත්ත්වයක් ද ඇති කර ගනී.

ගැමි දිවිය ගත කරන ජනයා පමණට වඩා කුලෑටි හා ආචාරවාදී නොවෙති. ආචාර්ය නන්දදේව විජේසේකරයන් තම ‘ලංකා ජනතාව’ කෘතියේ දක්වන ලෙස ගැමි ගැහැනු නාන තොටවල සිත්සේ රිසිසේ සිය ශරීර ප්‍රදර්ශනය කරති.

ඒ නාන තොටේම තරමක් ඈත ස්නානය කරන පිරිමින්ට ද ඔවුන්ගේ අඟ පසඟ පෙනෙයි. එනිසා ශෘංගාරය හා ගැහැනිය යනු ගැමියන්ට කරඬුවක ලූ ධාතුවක් සේ ශුද්ධ වස්තුවක් නොවිණි.

මෙය අප මධ්‍යම පාන්තික සමාජය තුළ ව්‍යාප්ත වූ වික්ටෝරියානු සුචරිතවාදයෙන් තරමක් පරිබාහිර සංසිද්ධියක් බැවින් අප එදෙස බැලිය යුත්තේ නිදහස් කෝණයකිනි. මේ කථාවේ එන පොඩ්ඩි ද තම ශෘංගාර හැඟීම් පවා එළිපිට ජිනප්‍රිය සමඟ කථා කිරීමේ පදනම ඒ අනුව වටහාගත යුතු යැයි මම සිතමි.

කතාව අවසානයේ ජිනප්‍රියගේ බිරිඳ හා දරුවන් නැවත ලංකාවට එන්නේ ජිනප්‍රියගේ අසනීප තත්ත්වය සැලවීමෙනි. පොඩ්ඩි විසින් ජිනප්‍රියගේ බිරිඳ පිළිගනු ලබන්නේ අතිමාත්‍ර ගරුත්වයකින් වීම විශේෂිත ය. අවසානයේ ජිනප්‍රියගේ සුවදුක් බැලීමටත් ඔහුට කෑම බීම සැපයීමටත් දිගටම තමන්ට ලැබෙන අවස්ථාව ඈ සලකන්නේ මුහුකුරා ගියාවූත්, නිවී පහන් වූත් මනුෂ්‍යමය වරප්‍රසාදයක් ලෙසිනි.

මේ වෘත්තාන්තය ජීවිතය හා ආදරය පිළිබඳ ඉතා පරිණත වූත් ආධ්‍යාත්මික වූත් කඩ ඉමකට පාඨකයා කැඳවාගෙන යන බව මගේ හැඟීමයි.

මහාචාර්ය සාලිය කුලරත්න

සිංහල අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….