යන්ත්‍ර සූත්‍ර යොදාගෙන රන් ආභරණ සෙවු පොලිස් සෙබළෙකු මාට්ටූ

gold

රජසමයේ තැම්පත් කළ බව කියන රන් ආභරණ තොගයක් ඇති බවට කට්ටඩියෙකු පැවසීම නිසා ඒවා ගොඩගැනීමට විශාල කළුගල්තාලාවක යන්ත්‍ර සූත්‍ර යොදාගෙන සිදුරු කරමින් සිටි සේවයේ නියුතු යුදහමුදා විනයාරක්ෂක පොලිස් සෙබළෙකු ඇතුළු සිවුදෙනෙකු හිදෝගම පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරතවු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිදෝගම පොලිස් වසමේ 104 පහළ තුරුවිල පිහිටි කුණු ඇලට යාබදව පිහිටා ඇති ගල්තලාවේ කිසියම් පිරිසක් යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන කැනීමක් සිදුකරනා බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුකමට අනුව පොලිස් කණ්ඩායම එහි ගොස් වැටලීම සිදුකර තිබුණි.

සැකකරුවන් සන්තකයේ තිබි ගල් උණුකරනා බව කියන රසායන ද්‍රව්‍ය කිලෝවක පමණ ප්‍රමාණයක් විදුලිය උත්පාදනය සදහා යොදාගත් ජෙනරේටරයක් අති නවීන ගල්විදුම් යන්ත්‍රයක් (හැමර්)යකඩ කටු මිටි හා පූජා භාණ්ඩ තොගයක් පොලිසිය සොයා අත්අඩංගුවට ගෙන තිබුණි.එම අවස්ථාව වනවිට අති නවින ගල් විදුම් යන්ත්‍රයක් යොදාගෙන සැකකරුවන් ගල්තලාවේ අගල් හතරක් පමණ ගැඹුරට විදතිබූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් සිවුදෙනා අතරින් තිදෙනෙකු වැටලීම සිදුකළ අවස්ථාවේ අත්අඩංගුවට පත්වි තිබූ අතර කට්ටඩියා යැයි කියන පුද්ගලයා පොලිස් ග්‍රහණයෙන් මිදි පලාගොස් තිබුණත් ඔහුව ඊයේ (7දා) උදෑසන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉඩමේ හිමිකරුවන පුද්ගලයාගේ නිවසට පිටුපසින් කුඹුරු යාය පිහිටා තිබෙන බවත් ඊට යාබදව ඇති කුණු ඇලෙන් එගොඩ නිධානයක් තිබෙනා බව කියනා විශාල ගල්තලාවක් තිබෙනා බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් අතර සිටින අනුරාධපුර මල්අතු ඔය ප්‍රදේශයේ පදිංචි කට්ටඩියෙකු යැයි කියන පුද්ගලයා අදාල ස්ථානය පරික්ෂාකර විශාල රන් ආභරණ තොගයක් තිබෙනා බව පැවසීම නිසා කැනීම සිදුකළ බව සැකකරුවන් පොලිසියට පවසා තිබුණි.

සැකකරුවන් අතර පහල තුරුවිල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු අනුරාධපුර මල්අතු ඔය පදිංචිකරුවෙකු හා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිටිනා බව පොලිසිය කියයි.

යුද හමුදාවේ පොලිස් හේවා බලඇණියේ සේවයේ නියුතු විනයාරක්ෂක පොලිස් සෙබළෙකු නිවාඩු ලබා නිවසට පැමිණිමෙන් පසුව නිදන් සෙවිමේ කටයුත්තට සෙසු පිරිස සමග සහභාගිවි ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණයවි තිබුණි.

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර වයස අවුරුදු 21-47 අතර වියේ පසුවන්නන් සිටින අතර ඔවුන් ඊයේ (07දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

හිදෝගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි.කොස්තා මහතාගේ උපදෙස්මත පොලිස් සැරයන්වරුන් වන ධර්මසිරි 16876 සම්පත් 33926 හා පොලිස් රියදුරු දිසානායක 12122 යන නිලධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….