රාජ්‍ය සේවකයින් වැ‍ටුපක් හිමිවෙනවා වගේම පිනකුත් කරගන්නවා

රාජ්‍ය සේවකයාට මේ වන විට රාජ්‍ය සේවයට වඩා වෙනත් කාර්යයන් කිරීමට සිදුව ඇති බවත් පැළ සි‍ටුවීම පවා ඔවුන්ට ම කිරීමට සිදුව ඇති බවත් අස්ගිරිපාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි අනු නාහිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොලිසියට වසර 155ක් පිරීම නිමිත්තෙන් ඊයේ(08) පැවති රුක් රෝපණ වැඩසටහනක අනුශාසනාවක් සිදු කරමිනි. ගල්විහාර පුදබිම ආශ්‍රිතව මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබිනු අතර එහි දී උන්වහන්සේ මෙසේ ද කීහ.

“අද රාජ්‍ය සේවකයාට රාජ්‍ය සේඅය හැර වෙනත් කාර්යයන් කරන්න සිදු වෙලා තියෙන්නේ.පැල හි‍ටුවන්න වෙලා තියෙන්නේත් රාජ්‍ය සේවකයාට.කොහොම වුණත් රාජ්‍ය සේවකයා කියන්නේ සේවයට වැ‍ටුපක් හිමිවෙනවා වගේම පිනක් ද සිදු කරන්න පුලුවන් තනතුරක්.

දිනක් දෙවියන් බුදුන්වහන්සේගෙන් විමසනවා රෑ දවල් පිංසිදු වන කටයුතු මොනවාද කියලා.බුදුන්වහන්සේ දේශනා කරනවා මල්පල දරන උයන් ඉදි කරන්න.ඒ වගේම වන වගාව ගහකොළ හිටවන්න ඕන.ඒදඬු පාළම් තනවන්න ඕන.පැන්හල්,පොකුණු ආදිය ඉදි කරන අයට දිවා රාත්‍රී පිං සිද්ධ වෙනවා කියලා දේශනා කළා.

අද මේ රුක් රෝපණය සිදු කරන්නේ ඒ දේශනාවේ සඳහන් එක් පිංකමක් වන වන වගාවයි.මෙය මහා පිංකමක්.පස්වන වියවසේ ෆාහියන් හාමුදුරුවෝ එක් තැනක සඳහන් කරනවා රජරට අවුරුද්ද පුරාම ගස්වැල් සුපුෂ්පිතව පැවතියා  කියලා.අද 21 වන සිය වසේ ඉන්න අපි අද රජරට දකින්නේ එහෙම එකක් නෙමෙයි.

දැන් අනිත් ආගම්වලත් ගස් සි‍ටුවීම කරනවා.පල්ලියේ නත්තල් ගස් හිටවනවා.හැබැයි මලුත් නෑ ගෙඩිත් නෑ.පංසල්වල හිටවන්නේ මල් ගෙඩි හටගන්නා ගස්වැල්.මොකද කුරුල්ලෙකුට හරි ඇවිත් ගිමන් නිවා ගන්න විතරක් නෙමෙයි කුසට ආහාරත් ලැබෙනවා.නාගස එක අතකින් පූජනීයයි.

නා වෘක්ෂය කියන්නේ අනාගත බුදුවරුන්ට සෙවන ලබා දෙන වෘක්ෂයක්.නාමල වන්දනාව ට පූජාවට සුදුසුයි.ඉතාම අගය කොට සලකනවා මේ රුක් රෝපණය.අවුරුදු 155ක් පමණ සපුරණ පොලිස් දෙපාර්තමේන්තුවේ 85000ක් පමණ සේවය කරනවා 492ක් පමණ පොලිස් ස්ථාන තියෙනවා.පොලිසිය තිබෙන්නේ සාමය හා නීතිය ආරක්ෂා කරන්න.

ඒ කාර්යය ප්‍රධාන කොට ගෙන මේ රටේ වැලි,මේ රටේ පස්,මේ රටේ ගස්,මේ රටේ සත්තු ආරක්ෂා කරන්නත් පොලිසියට ලොකු සටනක් කරන්න සිදු වෙලා.ගස් කැපීමට ප්‍රවනතාවක් දක්වන මේ කාලේ අපි මේ කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්.ගස් හිටවන එක.අපි  මාර්ගය සකස් කරලා තියෙනවා.

දැන් අවශ්‍ය හෙවනයි.ඒ සඳහා පැළ සි‍ටුවලා මේ කරන පිංකම පොලිස්පතිතුමාගේ සිට සියලු නිලධාරීන්ට හිමි වෙනවා.අපිට දැනෙනවා සෙල්ල කතරගම යනකොට කුරුණෑගල යනකොට වන රක්ෂිත මැදින් යනකොට දැනෙනේ සිසිලස.ගහක අත්තක් කපන එක පවා බුදුන්වහන්සේගේ ධර්මයෙන් අවධානය යොමු කරලා තියෙනවා.

උප සම්පදා භික්ෂුවකට ගහක අත්තක් කැපුවත් ඇවතක් විදිහටයි සලකන්නේ ගස්වැල් කියන ඒවා සජීවි ප්‍රාණයක් ඇති දෙයක් විදිහටයි සලකන්නේ.ගස්කොලන් ආරක්ෂා කර ගැනීම ගස්කොළන් රෝපණය කිරීම අද අත්‍යවශ්‍ය වෑයමක්.පොලොන්නරුව ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරි තුම,පොලොන්නරුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකතුමා ඇතුලු සියලු දෙනාම මේ වෙලාවේ ඉතාම වටිනා කාර්යයක් කළේ.ඒක මම අගය කරනවා.”

මෙම අවස්ථාවට පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ ධර්මසිරි.පොලොන්නරුව ජෙශ්‍යශ්ඨ පොලිස් අධිකාරි ඕෂාන් හේවාවිතාරණ,පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මු.පො.ප.ආලෝක බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් ද එක්ව සිටිය හ.පින්තූරවල දැක්වෙන්නේ රුක් රෝපනයේ හා අනුශාසනාවේ අවස්ථා කිහිපයකි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….