රටට මහ පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න

iththakanda

නිදහස ලබා වසර 73ක් සපිරෙන මෙම අවුරුද්දේ මහා සංඝරත්නය ලෙස අනාගත පරපුරට දිය හැකි එකම ආදර්ශය ‘බැහැ කියන වචනය ශබ්දකොෂයෙන් අයින් කර ගෙන මට පුළුවන් අපිට පුළුවන්.

මෙය අපේ රට අපි දිනන රට හැටියට වැඩ කරන්න හිතට ගන්න රටට මහා පොළොවට ආදරය කරන්න පුරුදු වෙන්න’ යැයි රාමඤ්ඤ මහා නිකායේ දිසා පාලක උඩුනුවර ශාසනාරක්ෂණ බල මණ්ඩලයේ ලේඛාධිකාරි කරමඩ ශ්‍රී සද්ධාතිස්ස පිරිවෙන් පරිවේණාධිපති ගලහා සිරි ශාන්ත නායක හිමි පැවසූහ.

නායක හිමි එසේ පැවසුවේ කරමඩ ශ්‍රී සද්ධාතිස්ස පිරිවන අනුබද්ධ ජනපුබුදු පෙරපාසල හා සුචරිත වර්ධන දහාම්පාසල සංවිධානය කර පැළ සිටවීම හා කතික තරග හා උඩඅළුදෙණියේ අරුණැල්ල කාන්තා ගොවි සංවිධානයේ පැළ බෙදා දීමේ උත්සවයේ අනුශාසනාව පවත්මිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

‘2009 රටේ යුද්ධය නිම වූ පසු මහින්ද රාජපක්ෂ මහතා අප රටට ආවේ පොළොව සිපගනිමින්. එයා අම්මට තාත්තට වඳින්න ගියේ නැහැ. මහ පොළොව මාතෘ භූමියට ගරු කරන්න දැන් අලුත් නීතියක් පවා තියෙනවා. මාර්ගයේ කෙළ ගසන්න බැහැ කියලා.

එහෙම තහනම් කරන්නේ රටට ජාතියට දරුවන්ට ආදරය වෙනුවෙන්. අනෙක් කාරණය තමයි ගහට කොළට ආදරය කළ යුතුයි. සෝමාවති අභය භූමිය තුළ ගස් 300ක් කපා විනාශ කරලා තියෙනවා. එය මිනිස් ජීවිත 300ක් විනාශ කලා වාගේ දැනෙන්නේ.

අපිට මේ රට දිනන්න පුළුවන් වෙන්නේ අපේ මුතුන් මිතන් කියන පරිදි ගෙවත්තේ පුංචි කාලේ ඉඳලම කැත්ත උදැල්ල හුරු කරගතතොත් විතරයි. පෘතුගිසීන්, ලන්දේසීන්, ඉංග්‍රිසීන් අපට රට භාර දී 1948දී යන විට අපි ජපානයට බුරුමයට ඇමෙරිකවට වැනි රටවල්වලට පවා ණය දුන්නා. අපි බුරුමය ආක්‍රමණය කළා.

නමුත් වසර 73ක් වන විට අප රටේ කෝටි ප්‍රකෝටි ගණනක ණය උගුලකට යටවෙලා තමයි ඉතුරු වුණේ. ඒක සිංහල ජාතියට නිගාවක් වුණා.

එවනි තරුණ පිරසක් අද කඳුරට ජාතික සවිබල පදනම ලෙස පදනමක් පිහිටුවාගෙන ළදරු පාසලට පොත් පැන්සල් ලබා දුන්නා. ඒ වාගේම මෙම පදනමේ පර්මාර්ථය වෙන්නේ කැලේට ගිය ඉඩම්වල වැනිලා හා සුළු අපනයන භෝග වගා කර ජනතාවට හඳුන්වාදී ජනතාව නඟා සිටු වීමයි. එයට සංඝරත්නය ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා. ඒ වගේම නිලධාරීන්ගේ අවධානය ලැබිය යුතුයිමයි.

එම නිසා තමා පෙරදිග ධන්‍යගාරය ලෙස ඉන්දිය සාගරේ මුතු ඇටය වැනි වටිනා නාමයන්ගෙන් අප රට උරුම වෙලා තිබු‍ණේ. අප 83 වැනි නිදහස් දින සමරන විටවත් ණය නැති ස්වංපෝෂිත රටක් බවට පත් කරන් සිතට ගමු.

මෙම අවස්ථාවට උඩුනුවර ආසන සංවිධායක මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කඳුරට ජාතික සවිබල පදනමේ සභාපති ගුප්ත විද්‍යා සංගිත විශාරද හිටපු ආචර්ය ජගත් කුමාර යාපා, එම පදනමේ ප්‍රචාරක ලේකම් හෙළ රණවිරු බලමුළුවේ ගම්පොළ ආසන සංවිධායක ආනන්ද විජේසුන්දර, ජන පුබුදු පෙර පාසලේ ප්‍රධාන ආචර්ය ශාමලි රත්නායක, සුචරිත වර්ධන දහාමි පාසලේ ගුරු මඩුල්ල හා පෙතියාගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරි සී.එස්. නාගහපිටිය මහතා සමඟ කෘෂිකර්ම උපදේශකවරු, උඩ අළුදෙඅණිය ග්‍රාම නිලධාරීවරිය, අරුණල්ල කාන්තාගොවි සංවිධානයේ නිලධාරිවරු ඇතළු මහත්ම මහත්මීහු සහාභාගි වී සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….