වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා ඝාතනය කරයි

Murder

වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා තිබුණු ආයුධයකින් පහරදී ඝාතනය කල සිදුවීමක් මාතලේ , කලුදෑවලදී ප්‍රදේශයන් වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.

පහර දීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි කලුදෑවල පදිංචිකරුවෙක් වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම , සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් වරකාපොළ ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ඒ (13) දහවල් වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ මාඔය ඉවුරේ තිබියදීය.

පොලීසිය සඳහන් කළේ මියගොස් ඇති පුද්ගලයාගේ මුඛය ප්ලාස්ටරයක් අලවා ආවරණය කරතිබූ බවය. ඒ ආසන්නයේ තිබී ජාතික හැඳුනුම්පතක් ද හමුවී ඇති අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශන අනුව එම පුද්ගලයා මීට පෙර අතුරුදන්ව සිටි අයෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත.

අදාළ හැඳුනුම්පත හිමි ලිපිනයේ පදිංචි පුද්ගලයා ඉකුත් 10 වනදා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පන්නල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවද පොලීසිය පවසයි.

Related posts