නුවරඑළියේ ආසාදිතයන් 5000 ඉක්මවයි

corona

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 07වන දින පෙරවරු 10.00ය පමන ලැබුන වාර්ථා මත අලුතින් ආසාදිතයන් 90 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගනන 5086 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල ගන්නා ලද පි. සි. ආර්. පරික්‍ෂන මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 19ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 01ක්, ලිදුල ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 02ක්, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් 25ක්, නව තිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 33ක්, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 04ක්, රාගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 06ක්, වශයෙන් ආසාදිතයන් හමුව ඇති බවත්ය.

මෙම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 5000 සිමාව ඉක්මවා ගොස් ඇති බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර එසේ සොයා ගන්නා ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගනන 74ක් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 05 දෙනකු හා කොවිඩ් ආසාදිත මරණ දෙකක් 06වන දින සවස් වන විට වාර්ථාවි ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල ෆොරස්ට්වික් වතුයායේ අවුරුදු 96ක් වයැසැති පිරිමි පුද්ගලයකු හා හැරින්ටන් වතුයාලේ අවුරුදු 60ක් වයැසැති කාන්තාවක් කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බවත්ය.

එමෙන්ම කොටගල හොලිරුඩ් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 05  දෙනකු හමුව  ඇති බවත් ඉන් දෙදෙනකු එකම පවුලේ අඹු සැමියන් බවත් මෙම සියලුම දෙනා පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල පිරිස් බවත් මේ වන විට මෙම බල ප්‍රදේශයේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 10 දක්වා ඉහල ගොස් ඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් අලුතින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

පසුගිය දිනවලදි මෙම ප්‍රදේශයෙන් හදුනා ගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම 23 දෙනා කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගත් බවත් එම තත්වයන් මත මෙම ආසාදිතයන් හගුරන්කෙත, වලපනේ යන කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ කාන්තාවක් තම නිවසේම මිය ගොස් ඇති අතර එම මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු එම කාන්තාව කොවිඩ් ආසාදිතයකු බවට තහවුරුවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් ගාමිණි පුර ප්‍රදේශයේ අවුරුදු 82ක් වයැසැති කාන්තාවක්  ඇයගේ නිවස තුලම මිය ගොස් ඇති බවත් පසුව එම මල සිරුර දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ගෙන ගොස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම කාන්තාව කොවිඩ් ආසාදිතච කාන්තාවක් බවට අනාවරණයවු බවත්ය.

එම තත්වයන් මත එම මල සිරුර කොවිඩ් නිති රෙගුලාසි යටතේ ආදාහනය කිරිමට පියවර ගත් බවත් එම කාන්තාවගේ ආසාදිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම කොවිඩ් ආසාදිත මරණයත් සමග හැටන් නගර සිමාවේ කොවිඩ් ආසාදිත සමස්ථ මරණ ගනන 11ක් බවද  එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු පහකින් අලුතින් ආසාදිතයන් 46 දෙනකු අලුතින් හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 07වන දින රාත්‍රියේ ලැබුන පි. සි. ආර්. වාර්ථා මත ටින්සින් වතුයායෙන් ආසාදිතයන් 15ක්, මෝරා වතුයායෙන් ආසාදිතයන් 16ක්,බගවනත්ලාව වතුයායේ ඉහල කොයසින් ආසාදිතයන් 09ක්, සෙන්ට් ජෝන් ඩිලරි වතුයායෙන් ආසාදිතයන් 05ක් කිලානි වතුයායෙන් ආසාදිතයන් 01ක් වශයෙන් හදුනා ගෙන ඇති බවත්ය.

මේ සියලුම ආසාදිතයන් මෙයට පෙර හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල අය බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නි බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….