රාජකාරියට මෙන්ම ගොවි තැනටත් මුල්තැන දෙමින් දේශිය ආර්ථිකයට රැකුලක් වෙමින් කහ වගාවේ නිරතවි විශාල අස්වැන්නක් ලැබීමට ආසන්න ලෝක බැංකු ව්‍යාපෘතියක සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් හමුවිය.

පවතින ආර්ථිකය හමුවේ පිටරටින් කහ-කහ බීජයන් මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වියපැහැදම් කිරීමට සිදුවන අතර ඒ මහතා විසින් තවත් ගොවින් පිරිසකට සාර්ථක කහ අස්වැන්නක් ලබා ගැනීමට ඉතා යෝග්‍ය කහ බීජ නිෂ්පාදය කර තිබේ.

රාජ්‍ය සේවයේ නිරත වෙමින් දරුවන් දෙදෙනා බිරිදගේ කටයුතු මෙන්ම රෝගීව සිටින මවගේ වැඩ කටයුතුත් අකුරට සිදුකරමින් මෙම අස්වැන්න ලබාගෙන තිබේ ඒ මහතා විසින් අස්වැද්දු කහ වගාව සම්බන්ධයෙන් සැලවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනය මගින් කථා කර ඔහුට ප්‍රශංසා සිදුකර දිරි ගැන්වීමටත් කටයුතු කර තිබුණි.

ඔහු අංක 20 කලාගම ගල්කිරියාගම ලිපිනයේ පදිංචි කෘෂි කර්ම අමාත්‍යංශයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ උතුරු මැද පළාතේ මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කරන චන්ද්‍රශාන්ත රත්නායක මහතායි.විවාහක දෙදරු පියෙකු වන ඒ මහතා අභියෝග රැසක් ජය ගනිමින් තවත් දින කිහිපයකින් කහ කිලෝග්‍රෑම් 2000ක අස්වැන්නක් නෙලීමට සූදානමින් සිටි.

සාර්ථක කහ අස්වැන්නක් අභියස සිටින කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ උතුරු මැද පළාතේ මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කරන චන්ද්‍රශාන්ත රත්නායක මහතා ඔහුගේ කහ අස්වැන්න ලබා ගැනීම සම්බන්ධයෙන් දිනපතා මව්බිමට මෙසේ අදහස් දැක්වීය.මම මූල්‍ය නිලධාරිවරයෙකු වශයෙන් රාජකාරි කටයුතු කරමින් තමයි ගොවිබිමට බහින්නේ.මගේ අම්මා තාත්තා දෙන්නම පාරම්පරික ගොවියෝ.මම ඉන්නේ හුරුළු පෝෂිත කලාපයේ.

වර්ථමාන ජනාධිපතිතුමන් කහ ආනයනය නැවතීමත් සමග රටේ කහ හිගයක් ඇති වුණා.මට හිතුනා කහ ටිකක් වගා කරලා බලන්න ඕන කියලා.ඒ අනුව අක්කර කාලක් ශුද්ධ පවිත්‍ර කරලා ඩිෂ් කරලා ගෙදර එකතු වෙන කුණු රොඩු වගා බිමට දාලා බිම සකසා ගත්තා.ගිය වසරේ නොවැම්බර් 5-10 අතර කාලයේ වගාව ආරම්භ කළා.මම බීජ ගෙනල්ලා ඒවා වගාවට සුදුසු ආකාරයට මුලින්ම සකසා ගත්තා.

කහ බීජ කිලෝග්‍රෑම් 100 ගෙනල්ලා අක්කර කාලක හිටවල වගාව ආරම්භ කළා.දැන් හොදින් ගස් වැඩිලා අල බැහැලා තියෙන්නේ.ගස් තුනක් ගලවලා වගාව සාර්ථකද කියන එක පරික්ෂා කළා.

ඇත්තටම සාර්ථකයි එක කහ පදුරක කිලෝ එකයි ග්‍රෑම් 900ක් තියනවා අනෙක් පදුරේ 1-475ක් අනෙක් පදුරේ ග්‍රෑම් 900ක් තිබ්බා.මේ ප්‍රමාණ සසදා බලද්දි වගා බිමෙන් කහ බීජ කිලෝග්‍රෑම් 2000ක් විතර ගන්න පුළුවන්.අස්වැන්න නෙලන්නත් කලින් ඇනවුම් ලැබිලා තියනවා කහ බීජ කිලෝ ග්‍රෑම් 6000ක් පමණ.

එක කිලෝග්‍රෑමයක් රුපියල් 900ක මුදලකට අලවිකරන්න පුළුවන්.මට සියළුම වියදම් හා මහන්සිය සමග රුපියල් ලක්ෂ දෙකක් මේ දක්වා වියදම් වෙලා ඇති.මම කාර්ය බහුල සේවකයෙක් මගේ බිරිද රාජ්‍ය සේවකයෙක් අම්මා හුගක් අසනීප වෙලා ඉද්දි ඇයටත් ප්‍රතිකාර කරමින් තමයි මේ ගොවිතැන කළේ.

අපි හැම දෙයක්ම පිටරටින් ගේනකම් බල බල ඉන්න ඕන නෑ.කාටවත් බැන බැන ඉන්න ඕන නෑ.මේ පසෙන් පොලවෙන් වැඩ ගන්න පුළුවන් මහන්සි වෙලා.මේ හැමදෙයක්ම කරන ගමන් මම ව්‍යාපාර පරිපාලන මාස්ටර් උපාධියටත් සූදානම් වෙනවා.

ජනාධිපතිතුමා මට කථා කරලා ප්‍රශංසා කළා.අපි හැමෝටම පුළුවන් තියන බිමක මේ වගේ ප්‍රයෝජනයක් සහිත දෙයක් වගා කරලා හොද අස්වැන්න ගන්න.මහන්සිය උත්සාහය අධිෂ්ඨානය සමග සියළුම දේ ජයගන්න පුළුවන් යනුවෙන් ඒ මහතා පැවසුවේය.

kaha

kaha

kaha

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Similar Posts