පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විනාශ කරයි

රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගල් තලාවක් මහජනතාවට පීඩා සිදුවන අන්දමින් විනාශ කරන බවට ගල්තලාව ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් චෝදනා කරති.

රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ජී.එච් සරත් ගාමිණී මහතා විසින් රාජාංගනය ගිණි පෙට්ටි පාලම අසල පිහිටි පෞරාණික ගල් තලාවක් රසායනික ද්‍රව්‍ය යොදා බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් කඩා දමනා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර ස්ථානයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරිමේ අදහසින් කටයුත්ත සිදුකරනා බව ගම්වාසීන් පවසති.

ගල්තලාව සහිත ඉඩමට සභාපතිවරයාට ඔප්පු පැවතියත් එම ගල්තලාව මත ඉපැරණි පුරාවිද්‍යාත්මක සාධක සහිත ගල් කණු කීපයක් තිබු බවත් ඉපැරණි සාධක ඉවත්කර ස්ථානයේ කිසිදු පෞරාණික වටිනාකමක් නොමැති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලියකියවිලි සකස් කර ගෙන ඇතැයි ගම්වාසීන් පවසති.ගල් කැඩීමේදී අවට පිහිටි තම නිවාස වලට ගල් කුඩු විසිරි යාම නිසා සෞඛ්‍යමය ගැටළු මතුව ඇති බව ගම්වාසීන් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසල නිවසක කාන්තාවක් මගේ දරුවෝ තුන් දෙනත් එක්ක සතියක ඉඳන් කෑවේ ගල් කුඩු එක්ක බත්.මේ මිනිස්සු අපි ගැන හිතන්නේ බලන්නේ නැතිව ගල් කුඩු කරනවා.ළමයින්ට ඉන්න බෑ ගල් කඩන කොට සද්දේ.හවස හය හත වෙනකල් ගල් කඩනවා උයන පිහන ඒවායේ පවා ගල් කුඩු.

කියන්න පුළුවන් හැම තැනකටම කිව්වා දේශපාලනයට මේ සියල්ල යටයි.ගල් තලාවේ පරණ ගල් කණු තුනක් තිබුණා, ඒවාට වෙච්ච දෙයක් නෑ.මේ කඩන්නේ පෞරාණික වටිනාකමක් තියෙන ගලක් මගේ ළමයින්ට දැන් කැස්සක් හැදිලා ගල් කුඩු නිසා.ගල කඩලා පිටට විකුණනවා යැයි ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් ගාමිණි මහතාගෙන් කළ විමසීමේදි කියා සිටියේ මම 1987 මේ ඉඩමට පදිංචියට ආවේ.දැන් ඉඩමට ජය භූමි ඔප්පු තියෙනවා.ඉඩමේ ගල් දෙකක් තියෙනවා.ගල් ඉවත් කර ගැනීමේ අවශ්‍යතාව ආවා නිසා ගල් ඉවත් කරගන්න ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ භූමිය පරික්ෂා කරලා ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නෑ කියලා භූවිද්‍යා හා පතල් කැනීම් අංශයෙන් අවසර ලබා ගෙන පසුගිය 12 වැනි දිනට 19 වැනි දින දක්වා ගල් ඉවත් කිරීමට අවසර ලබාගත්තා.

අවට අයට හානියක් නොවෙන්න කටයුතු කරගෙන ගියා.කාට හරි යම් අපහසුතාවකට සිදුවුණා නම් කණගාටුව පළ කරනවා.ඔය කියන ගල් කණු ගැන දන්නේ නෑ.මම කාටවත් හිරිහැර කරන්නවත් නිධන් ගන්නවත් කරපු වැඩක් නෙමෙයි, මගේ තනතුරේ ගෞරවය ආරක්ෂා කර ගනීමන් බලපත්‍ර ලබාගෙන වැඩේ කරේ යැයි ඔහු පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….