රක්ෂිත බලහත්කාරයෙන් ව්‍යාපාර කටයුතු වලට යොදාගනියි

අනුරාධපුර බුද්ධගයා මාවතේ පිහිටි ස්ථාන දෙකක රක්ෂිත කොටස් දෙකක් බලහත්කාරයෙන් සිය ව්‍යාපාර ස්ථාන වලට ඈදාගැනිමට අනුරාධපුර නගරයේ කෝටීපති ව්‍යාපාරිකයෙකු කටයුතු කර ඇතත් වගකිවයුතු අංශ ඊට කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් බුද්ධගයා මාවත සුරැකිමේ පදනම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

බුද්ධගයා මාවතේ පදිංචිකරුවන් හැට පස් දෙනෙකු සිය විරෝධය පලකරමින් අත්සන් යෙදු පෙත්සමක් බුද්ධගයා මාවත සුරැකීමේ පදනමේ කැදවුම්කරු නන්දන රත්නවීර මහතා ආණ්ඩුකාරවරයාට යොමුකර තිබේ.එම ස්ථානයේ අපද්‍රව්‍ය කාණු පද්ධතියේ නළ මාර් ග හා විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ අර් ත් වයර් පොලවට සම්බන්ධකර තිබෙන ස්ථානයක් බවත් නිරික්ෂණය කර ගැනීමට හැකිවිය.

මෙම ස්ථානයේ දශක ගණනාවක සිට මගී ආවරණයක් පැවති අතර එය අබලන්වීම නිසා අළුත් වැඩියාවට ගැලවු අවස්ථාවේ පෞද්ගලික වෙළද ආයතනයක් ඉදිකරනා ව්‍යාපාරිකයා එම කොටස කඩිනමින් ඉන්ටර් ලොක් ගල් අල්ලා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ.

අදාල ව්‍යාපාරිකයා අනුරාධපුර පැරණි නුවර පාරේ නෙළුම්කුලම ප්‍රදේශයේ කර් මාන්ත ශාලාවක් පවත්වාගෙන යන අතර ඔහු බුද්ධගයා මාවතේ ස්ථාන දෙකක රක්ෂිත කොටස් සිය වෙළද ව්‍යාපාරික ස්ථාන සදහා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ.

ඊට විරෝධය පලකරන බුද්ධගයා මාවත සුරැකිමේ පදනමේ සාමාජිකයන් පිරිසක් මෙසේ පැවසූහ.මේ ව්‍යාපාරිකයා මයිලගස්හංදියේ තිබ්බ විදුලි ට්‍රාන්ෆෝමරය කොටසත් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්ටර් ලොක් ගල් අල්ලලා.ව්‍යාපාර ස්ථාන ඉස්සරහින් පදිකයන් යන පාරේත් ඉන්ටර් ලොක් ගල් අල්ලලා.පාර අයිනේ කිසිම කොනෙකුට වාහනයක් නවත්වන්න බෑ අපේ ආයතනයේ කොටසක් කියලා කෑගහනවා.

දැන් කඩ පනහ විජයපුර බස් නැවතුම් තිබ්බ ස්ථානයත් අල්ලගෙන අලංකාර කරන්න කියලා.මුළු නගරයම දැන් පොලවක් නැති තරමට ඉන්ටර් ලොක් වෙලා.

මේ පිළිබදව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහට පැමිණිලිකරාම කියනවා අනුන්ට ඊර් ෂ්‍යා නොකර පාඩුවේ ඉන්න කියලා.මේ තැනක අහිංසක වෙළෙන්දෙක් වඩේ තට්ටුවක් කෑම ටිකක් දාගත්ත නම් ඒ මනුස්සයාව පන්නනවා.කෝටිපති ව්‍යාපාරිකයන්ට ඕන තැනක් අල්ල ගන්න පුළුවන් ඒවා පේන්නේ නෑ.

මේකේ ඉන්න රාජ්‍ය නිලධාරින් බහුතරය පිටින් ආපු මිනිස්සු.ඒ මිනිස්සුන්ට මේ නගරය විනාශ වුනාට කිසිම ප්‍රශ්නයක් නෑ.සේවා කාලය අවසන් කරලා ගම් රටවල් වලට යයි.නමුත් අපේ දරුවෝ මුණුපුරෝ මේකේ ජීවත් වෙන්න ඕන.ඒ නිසා අදාල බලධාරින් මේ ක්‍රියාවන් වහාම නවත්වන්න පියවර ගන්න ඕන යනුවෙන් ඔවුන් පැවසූහ.

මෙම මාර් ගය පළාත් මාර් ග සංවර් ධන අධිකාරියට අයත් වන එකක් අතර ප්‍රදේශය භාර ඉංජිනේරූවරියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි එම කොටස පළාත් මාර් ග සංවර් ධන අධිකාරියට අයිති නැති බව කීවාය.එම කොටස අනුරාධපුර මහ නගර සභාවට හෝ වාරිමාර් ග දෙපාර් තුමේන්තුවට අයිතිවිය හැකි බවත් එහි හිමිකරුවන් කවුරුන්ද යන්න නොදන්නා බවත් ඇය පැවසුවාය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….