නිල් මැණික් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට

එප්පාවල පිහිටි දේවාලයකින් බව පැවසු මැණික් තොගය කැනිමක් සිදුකර ගොඩට ගෙන එහි වස් ඇරීම සදහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේ සිදුකළ වැටලිමකින් මිල කළ නොහැකි බව කියන නිල් මැණික් කැබලි හතක් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයෙකු ඇතුළු පස්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් අද(18දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල් ගීගනගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව කැකිරාව තලාව පාර සදගල්පාය ප්‍රදේශයේ සිදුකළ වැටලිමෙන් මැණික් ගොඩගත් ඉඩම පිහිටි නිවසේ හිමිකරු බව කියන විශ්‍රාමික විදුලි බල මණ්ඩල සේවකයෙකු වන ව්‍යපාරියෙකු ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් සන්තකයේ තිබි තද නිල් පැහැයෙන් යුතුවූ විවිධ බර ප්‍රමාණයන් වලින් යුතු මැණික් කැබැලි බවට සැකකරනා ගල් කැබලි හයක් හා සුදු පැහැති මැණික් බව කියන ගල් කැබල්ලක් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම මැණික් ගල් බව කියන ගල් තොගයේ මුළු බර ග්‍රෑම් 50කට වඩා අධික බව පොලිසිය පවසයි.නිවසේ හිමිකරු වන 62 හැවරදි පුද්ගලයා 36 හැවරදි කට්ටඩියා ඔහු කැදවාගත් 25 හැවරදි කාන්තාවක 45 හැවරදි යුද හමුදා විශ්‍රාමික කෝප්‍රල්වරයෙකු හා 36 හැවරදි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට පත්වි තිබුණු අතර ඔවුන් කැකිරාව රත්නපුර ගල්ගමුව රාජංගනය හා මහනුවර පදිංචිකරුවන්ය.

නිවසේ හිමිකරු එප්පාවල ප්‍රදේශයේ පිහිටි දේවාලකයට ගිය අවස්ථාවේ නිවස පිහිටි බිමේ විශාල වස්තුවක් තිබෙනා බවත් එය ගොඩ ගන්නා ලෙස කළ දැන්වීමට වසරක පමණ කාලයක සිට අක්‍රමවත් ලෙස ළිදක් කපනා මුවාවෙන් කැනීම සිදුකර තිබෙන බව වැටලීම සිදුකළ පොලිසිය පවසයි.

සැකකරු අඩි 22ක් දිග අඩි 15ක් පළල හා අඩි 14ක් ගැඹුර කැනීමක් සිදුකර මැණික් තොගය ගෙඩ ගෙන තිබෙනා බවත් කාන්තාව විසින් අදුණ බැලීමට කැදවාගෙන පැමිණි කට්ටඩියා මැණික් තිබෙනා ස්ථානය අදුනෙන් නිවැරදිව පෙන්වා ඇති බව පොලිසිය කියයි.මැණික් ගොඩට ගෙන ඒවයේ වස් ඇරීමට සූදානම් වන අවස්ථාවේ පොලිස් නිලධාරින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් සෙවු ස්ථානයේ අඩි දහක පමණ ගැඹුරට ජලය තිබූ බවත් කැනීම් සදහා යොදාගත් උදළු දෙකක් යකඩ ඉන්නක් වතුර මෝටර් එකක් පයිප්ප බට වයර් බොලොක්ක බහිරව රූප කැපූ ලෙලි පොල්ගෙඩි දෙකක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවට ගත් කපුවා පොලිසියට පවසා ඇත්තේ මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙදහසක් (කෝටි 200ක්)පමණ බවයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් පස් දෙනා අද (18දා) කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….