සාමන්‍ය පෙළ විභාගය අස්සේ ගුරුවරුන් Smart වැඩ කරයි

ol

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය පැවත්වෙමින් තිබියදි එහි සේවයේ නිරතවු ඇතැම් ගුරුවරුන් විභාග ශාලා තුළ ජංගම දුරකථන ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුකළ බවට විභාග අධීක්ෂණ නිලධාරින්ට පැමිණිලි ලැබි තිබේ.

අනුරාධපුර පිහිටි විභාග මධ්‍යස්ථාන කිහිපයක සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් විභාග නිරික්ෂණ කටයුතු පසෙක දමා සිය ජංගම දුරකථන වල අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරතවන බවට විභාග නිරික්ෂකයන්ට පැමිණිලි ලැබි තිබෙනා අතර එම පැමිණිලි වලට අනුව නිලධාරින් කණ්ඩායමක් හදිසි වැටලීමක් සිදුකර තිබෙන බවද අනාවරණය විය.

එම නිලධාරින් අදාල සිදුවිම් පිළිබදව විභාග මධ්‍යස්ථානවල තබා ඇති ලොග් පොත් වල සටහන් යොදා අවවාද නිකුත් කර තිබෙනා බවත් අනාවරණය විය.අනුරාධපුර නගරයේ පැවති විභාග මධ්‍යස්ථාන කිහිපයක මෙම සිදුවීම සිදුවි ඇති අතර තවත් විභාග මධ්‍යස්ථානයක විභාග ශාලාධිපතිවරයාට ඒ පිළිබදව දැනගන්නට ලැබී සේවයේ නිරතවු ගුරුවර ගුරුවරියන්ගේ ජංගම දුරකථන සියල්ල එක්කාසු කර විභාගය අවසන් වනතුරු මල්ලක බහා තැබීමට පියවර ගත් බව විභාග රාජකාරියේ නිරතවූ ගුරුවරයෙකු අනාවරණය කළහ.

ගුරුවරුන් පැය ගණනින් ජංගම දුරකථන වල අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරතවීම නිසා විභාගය ලිවිමේ කටයුතු වල නිරතවූ ඇතැම් සිසු සිසුවියන්ට කොපි කිරිමේ අවස්ථාව උදාවු බවත් තවත් සිසු සිසුවියන්ගේ ප්‍රශ්න පත්‍ර ගැටළු වලට ගුරුවරුන්ගෙන් ලැබිය යුතු සහය නොලැබුණු බවට විභාග අපේක්ෂකයන් දෙමාපියන්ට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් දෙමාපියන් පිරිසක් උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරින්ට දුරකථනයෙන් පැමිණිලි කර තිබෙන බව අනාවරණය විය.ඇතැම් ගුරුවරුන් සිය ජංගම දුරකථන විභාග ශාලව තුළ භාවිතා කරමින් අන්තර් ජාලය ඔස්සේ මල් කැඩූ බවට සාමාන්‍ය පෙළ සිසුන් පිරිසක් චෝදනා කළ අතර ඔවුන්ට අවශ්‍ය කිසිදු සහයක් නොලැබුණු බව ඔවුන් කීහ.

ඇතැම් ගුරුවරුන් අඩි සහිත පාවහන් පලදා විභාග මධ්‍යස්ථානයේ එහා මෙහා යාම නිසා සිය මානසික ඒකාග්‍රතාවට බලපෑම් එල්ලවු බවටත් සිසු සිසුවියන් පිරිසක් චෝදනා එල්ල කළහ.

මෙවැනි චෝදනාවක් ගුරුවරුන් පිරිසකට එල්ලවි ඇති බවට ලංකා ගුරු සංගමයේ සභාපති එස් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ගෙන් කළ විමසිමකදි තහවුරු කළ අතර ඇතැම් චෝදනා පදනම් විරහිතව සිසුන් එල්ල කරනා චෝදනා බව ඒ මහතා පැවසුවේය.

උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික නිර්මලා ඒකනායක මහත්මියත් මේ පිළිබදව සොයා බලා ඇති බව අනාවරණයවූ අතර ඒ මහත්මියගෙන් චෝදනාව පිළිබදව විමසීමට දුරකථන ඇමතුම් ලබාගත්තත් ඊට ප්‍රතිචාර නොදැක්විය.

උතුරු මැද පළාත් විභාග අධ්‍යක්ෂ ප්‍රියන්කර පුෂ්පකුමාර මහතාගෙන් චෝදනාව පිළිබදව විමසීමට ඒ මහතාට ඇමතුම් රැසක් ලබාගත්තත් ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය.

අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගෙන් අදාල චෝදනාව පිළිබදව සිදුකළ විමසීමේදි ඇය කියා සිටියේ ජංගම දුරකථන විසන්ධිකර සාක්කු සහ අත්බෑග වල දමාගෙන සිටියදි තමන් ඒවා රැගෙන විභාග ශාලාධිපතිවරයාට ලබාදිමට කටයුතු කළ බවයි.

කිසිදු ස්ථානයක සේවයේ නිරතවු ගුරුවරුන් ජංගම දුරකථන භාවිතා කළ බවට පැමිණිලි ලැබී ඇති බවක් තමන්ට වාර්ථාවි නැති බවත් ජංගම දුරකථන විභාග මධ්‍යස්ථාන තුළ භාවිතා නොකරන ලෙස පැවති පෙරහුරු රැස්වීම් වලදි සියළුම ගුරුවරුන්ට උපදෙස් ලබාදුන් බවත් ඈ පැවසුවාය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….