පැන්ෂන් ගත් පසු දකුණත “කොර වූ” ශිෂ්‍යත්ව ටීචර්

teacher

තමන් කැමති ඕනෑම මොහොතක තමා අදහන ආගම වෙනස්කරගැනීමට ඕනෑම අයෙකුට පූර්ණ නිදහසක් තිබේ. එහෙත්, නොමනා පෙළෙඹවීම් මත ඔවුන් සතු ඒ නිදහස කවුරුන් හෝ බලහත්කාරයෙන් පැහැරගන්නේ නම් එය අයථා අන්‍යාගම්කරණයක් ලෙසින් හැඳින්වී‍මේ වරදක් නැත. බෞද්ධ ඇතැම් පිරිස් ‘හාස්කම් මෙහෙයන්’ ‘සුව කිරී‍ම් මෙහෙයන්’ ආදී මනෝ විද්‍යාත්මක ගුණ්ඩුවලට රැවටී අයථා අන්‍යාගම්කරණයට යොමුවීමේ ප්‍රවණතාවක් එදා මෙන්ම අදත් ඇත.

මේ අයථා අන්‍යාගම්කරණය පිටුදැකීම පිණිස විකල්ප වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට වරක් මහනුවර අස්ගිරි මහා විහාරයීය බෞද්ධ සංරක්ෂණ සභාවේ අවධානය යොමු විය. වත්මන් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති එම වැඩසටහන් මාලාවට බෞද්ධ පදනමක් සහිත මනෝ උපදේශකයන් සහ බටහිර වෛද්‍යවරුන් ද එක්වූ අතර ඊට එක්වීමට මට ද අවස්ථාව උදා විය.

විවිධ කායික අර්බුද වලින් පෙළෙන්නවුන් හට මනැස් ලිහිල් කරගත හැකි අභ්‍යාසයක් දී ඔවුන් පිරිස ඉදිරියට කැඳවා ආචාර ධර්ම උල්ලංඝනය නොවන පරිදි ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීමත් ඒ සමඟම ඔවුනට ප්‍රදර්ශනාත්මක සුවයක් ලබාදීමත් වැඩසටහනේ මූලික සැලැස්ම විය. එම සුවකිරීම් බලි, තොවිල්, ශාන්තිකර්ම යාඥා ආදිය මගින් සිදු කළ හැකි ඒවා මිස කායික රෝග සඳහා විධිමත් වෛද්‍ය ප්‍රතිකාර නොවන බවත් ඒ සඳහා විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවත් වටහා දීම වැඩසටහනේ පසු සැලැස්ම විය. එම කොටස සැමවිටම මෙහෙයවන ලද්දේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසිනි.

‘බුදු දහමින් සුව සැනසුම’ යනුවෙන් දිවයිනේ ස්ථාන කිහිපයක පැවැති එම වැඩසටහන් මාලාවේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති වැඩසටහන සඳහා පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්, පූජ්‍ය කුඹුක්කඳන්වල පුඤ්ඤරතන හිමියන් සහ වෛද්‍ය රත්නසිරි බණ්ඩාර ද එක්විය.

මේ වැඩසටහනට රෝගීන් වශයෙන් පැමිණි පිරිස අතර විශ්‍රාමික ගුරුමවක්ද සිටියාය. ඇය වසර තිස්පහක් තිස්සේ ගුරු වෘත්තියේ යෙදී විශ්‍රාම ගැනීමට ආසන්න වසර කිහිපය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සැලකිය යුතු පිරිසකට උපකාර කර ප්‍රදේශයේ ආදර ගෞරවයට බඳුන් වී සිටි තැනැත්තියකි.

නමුත් විශ්‍රාම ගත් පසු ඇගේ දකුණු අතේ හටගත් තදබල කැකුමක් සති දෙක තුනකින් මුළුමනින් පහවී ගිය ද ඉන්පසු එදා මෙදාතුර එය උරහිසෙන් ඉහළට එසවීමට නොහැකි මට්ටමට අකර්මණ්‍ය වී ඇත. දැන් තමන්ට පෙර මෙන් කළු ලෑල්ල භාවිතා කළ නොහැකි අතර මෙම බාහුවේ අකර්මණ්‍යතාව තම ගුරු ජීවිතය තුළදී සිදු නොවීම එක්තරා වාසනාවක් යැයි ද එම ගුරු මව කියා සිටියාය.

ඒ මොහොතට අදාළව කළ යුතු දේ පිළිබඳව නිගමනයකට එළැඹ මම මානසික ඇනවුම් මඟින් ඇගේ මනැස ලිහිල් කොට විධානාත්මක ස්වරයෙන් මෙසේ කීවෙමි.

“මේ ප්‍රදේශයේ දරුවන් සිය දහස් ගණනකට ශිල්පය දී ඔවුන්ගේ දැනුම සේම ගුණ නුවණැ පෑදීමෙන් මේ ඇත්තිය රැස්කරගත්තා වූ මහා කුසල සම්භාරය , මේ භූමියටත්, මේ ප්‍රදේශයටත් අධිගෘහිත සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වැඩම කොට මේ මොහොතේම අනුමෝදන් වනු ඇත. ඒ පින් අනුමෝදන්වන එම දෙවි දේවතාවුන් වහන්සේලා මේ මොහොතේම මේ ඇත්තියගේ දකුණු අතේ පවත්නා ආබාධය නිට්ටාවටම සුවකරනු ඇත”.

බෙර සීනු හඬවල්,සාම්බ්‍රානි,දුම්මල සැර,යාඥා හඬවල් නොමැතිව වුව ම`විසින් දෙන ලද එම මානසික විධානය කොතෙක් සාර්ථක වීද යත් ඒ මොහොතේම කිසිඳු අපහසුවකින් තොරව අත ඉහළට එසවූ එම ගුරු මව වසර කිහිපයක් තිස්සේ තිබූ දකුණු අතේ අකර්මණ්‍යතාව මුළුමනින්ම සුවපත් වූ බව කියා සිටියාය. නමුත් මා කළේ බලි තොවිල්, ශාන්තිකර්මවලදී නැතහොත් යාඥා මෙහෙයන් හිදීමෙන් ඇය වෙත තීව්‍ර මානසික ඇණවුමක් ලබාදීම පමණි.

තමන්ගේ වෘත්තීය වෙනුවෙන් ඉමහත් කැපවීමක් කළ මෙම ගුරුමව පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් හට අධ්‍යාපනය ලබාදීමෙහි ලා වඩාත් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කොට තිබේ. එමෙන්ම ඒ සඳහා එම දරුවන්ගේ මාපියන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාර මගින් ඇය තම වෘත්තිය කෙරෙහි වඩාත් කැපවන්නට ඇත.

එහෙත් එසේ ආදර්ශමත් ගුරු ජීවිතයක් ගත කරමින් සිටින අතරේ විශ්‍රාම ගන්නට සිදුවීම මත තම උද්යෝගිමත් කාර්යබහුල වෘත්තීය දිවිය එක්වරම ඇණහිටීමෙන් එම ගුරු මවගේ සිත තුළ තදබල මානසික බිඳවැටීමක් හටගෙන තිබේ. ඒ අනුව තමන් දරුවන්ට ඉගැන්වීම පිණිස කළු ලෑල්ල භාවිත කිරීම සඳහා යොදාගත් දකුණු අතින් ‘දැන් වැඩක් නැතැයි’ යන මානසික ඇණවුම ගැටුම්කාරී අයුරින් ඇගේ සිතට පිවිසෙන්න්ට ඇත.

මුලදී එම දකුණු අතේ කැක්කුමක් හටගෙන පසුව එය අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ ඒ මානසික සාධකය මුල් කර ගනිමිනි. මා විසින් කරන ලද්දේ ඇගේ මනැස ලිහිල් කර ඒ සඳහා බෞද්ධ ආගමික සංකල්ප පදනම්කොටගත් තියුණු මානසික විධානයක් මනැසට පිවිසුවීම පමණි.

නමුදු එය බුදු දහමින් අනුමත වූ ක්‍රමයක් නොවන අතර බලි, තොවිල්, ශාන්තිකර්මවලදී පවා යොදා ගැනෙන බෞද්ධ පසුබිමකින් යුතු තියුණු මානසික ඇණවුමකි. හාස්කම් මෙහෙයන්, සුව කිරී‍ම් මෙහෙයන් හිදී දෙවියන් වහන්සේ යන වදන මුල්කොට සිදුකෙරෙන මෙය අවශ්‍ය නම් ඒ වෙනුවට විෂ්ණු දෙවියන්, සායි බාබා සේම මහසෝනා ගොපළු යකා වුව ආදේශකොට මෙලෙසින්ම ප්‍රතිඵල ගෙන දිය හැක.

ඉන්පසුව වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ තමන්ගේ ශරීරයේ හටගන්නා සෑම වේදනාවක් තුළම පාහේ කිනම් හෝ කායික ආබාධයක සංඥාවක් තිබිය හැකි අතර ඒවායින් ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් මානසික හේතූන් මත පදනම් විය හැකි බවකි.

එමෙන්ම එවැනි මානසික සාධක මත හටගන්නා කායික වේදනා පමණක් මෙවැනි සුවකාරක ක්‍රම මගින් පිටුදැකිය හැකි මුත් විධිමත් වෛද්‍ය ප්‍රතිකාර නොලබා මෙවැනි ක්‍රම පසුපස යාම මගින් ඇතැම්විට මාරාන්තික ප්‍රතිඵල පවා උදාවිය හැකි බව ද හෙතෙම කීය.

රෝග සුවය සඳහා වන යථාර්ථවාදී ක්‍රමය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර පැතීම බව බුදුන්වහන්සේ සහ ජීවක වෛද්‍යතුමන් අතර සිදුවීම්වලින් පවා තහවුරු වන බැවින් චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර මාර්ගයන් වන ආගම්වලින් රෝග සුවවන බවට පවතින මිථ්‍යාව දුරින් දුරුකරගන්නා ලෙස එහිදී විශේෂ අනුශාසනාවක් පැවැත්වූ පූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියෝ කියා සිටියහ.

තිලක් සේනාසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….