අනුරාධපුර ශික්ෂන රෝහලේ පිවිසුම් මාර්ගය ජල තටාකයක් බවට පත්වෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ලංකාවේ තෙවන ශික්ෂණ රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ පිවිසුම් මාර්ගය ජල තටාකයක් බවට පත්විමෙන් රෝහල් කාර්ය මණ්ඩලය රෝගින් ඇතුළු දස දහස් ගණනක පිරිසක් දැඩි අපහසුතාවයට පත්වි සිටිති.

උතුරු මැද පළාත උතුරු පළාත වයඹ පළාත පුත්තලම ඇතුළු පළාත් රැසක රෝගින් ප්‍රතිකාර කටයුතු සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට දිනපතා පැමිණෙන අතර වෛද්‍යවරුන්ගේ පැරණි රථගාල පැවති ස්ථානය සම්පූර් ණයෙන්ම මේ දිනවල පවතින වර් ෂාව සමග ජලාශයක අසිරිය ගෙන තිබේ.

දෛයිනිකව ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගින් නේවාසික රෝගින් බැලීමට එන පිරිස් වෛද්‍යවරු හෙද කාර් ය මණ්ඩල කණිෂ්ඨ කාර් ය මණ්ඩල ඇතුළු විශාල පිරිසක් රෝහල් භූමිය ජල තටාකයක් බවට පත්වීම නිසා දැඩි අපහසුතාවන්ට මුහුණදි ඇතත් ඊට පිළියම් යෙදිමට රෝහල් පරිපාලනය අපොහොසත්වි ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රෝහල් සේවකයන් පිරිසක්.පසුගිය සමයේ මේ ස්ථානයේ විශාල ගොඩනැගිල්ලක් හදනවා කියලා වෛද්‍යවරුන්ගේ රථගාල ගලවලා ඉවත් කරා.ඊට පස්සේ කොන්ත්‍රාත් සමාගමක් තහඩු වලින් ස්ථානය වටකරලා තිබ්බා.පහුගිය ආණ්ඩුව හදපු ගොඩනැගිල්ලක් නෑ.කොන්ත්‍රාත් සමාගම විශාල වලවක් කපලා මේක ජලාශයක් කරලා තහඩු ටික ගලවගෙන යන්න ගියා.

අද වෙනකොට මේ ස්ථානය විශාල ජලාශයක් බවට පත්වෙලා.වෛද්‍යවරුන් රථවාහන තියෙන අය යන එන මිනිස්සුන්ගේ ඇගටත් මඩ වතුර ඉහාගෙන ස්ථානය පසුකර ගෙන යනවා.සමහර අබාධිත රෝගින්ට මේ ස්ථානය පසුකර ගන්න විදියක් නැතුව අපහසුතාවයට පත්වෙනවා.

සමහර රෝහල් සේවකයෝ දවසට විසි තිස් වතාවක් මේ තටාකය හරහා එහා මෙහා යනවා.රෝගින් බලන්න එන සායන වලට එන මිනිස්සු පුදුම පීඩාවකට පත්වෙලා ඉන්නේ නමුත් ස්ථානය පිලිසකර කරන්න කිසිම උවමනාවක් නෑ යනුවෙන් ඔවුන් පැවසූහ.

මේ ස්මබන්ධයෙන් අනුරාධපුර ශික්ෂන රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර් ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.මෙතන පහුගිය සමයේ ගොඩනැගිල්ලක් හදන්න පටන් අරගෙන පස්සේ ඒක අත්හිටෙවුවා.දැන් ඒ ස්ථානය මඩ වගුරක් වෙලා තියෙන්නේ.

නමුත් මොනවත් කරන්න සල්ලි නෑ අපිට.අපේ පෞද්ගලික මුදලිනුත් මේ ස්ථානය හැදුවා.නමුත් මේ අවස්ථාවේ මොකුත් කරන්න විදියක් නෑ.පැරණි ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය දාලා පුරවන්න ඉන්නේ.නමුත් ඒක කරන්නත් විදියක් නෑ අයහපත් කාළගුණය නිසා.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….