රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක්

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවේ වි‍රැකියා ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙමින් පවතින බවත්  විදේශ ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට ගන්නා උත්සාහය හා සමානව අලුත් ‍රැකියා අවස්ථා ලබා ගැනීමේ උත්සාහයකත් රජය යෙදෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමි‍ටු ‍රැස්වීමේ මුලසුන හොබවමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අපි ‍රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණු තරුණයෝ විදිහට ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කළා..ඒකට කාර්මික විද්‍යාලය,වෘත්තිය පුහුණු අධිකාරිය,නයිටා,යොවුන් සේනාංකය,තරුණසේවා සභාව  වගේ ආයතනවලට අමතරව ජල සම්පාදන අමාත්‍යංශය බ්ලම්බර්ස් ලා පුහුණු කරන්න භාර ගත්තා.

එතකොට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 2021 වසරේ 10 000ක් පුහුණු කිරීම් කරන්න භාර ගත්තා.ඒ වගේම මේ සියල්ල එකතු වුණාම අපි බලාපොරොත්තු වෙනවා විදේශ ‍රැකියා කටයුතු අමාත්‍යංශයත් එක්ක පැවති සාකච්ඡාවේදී කෙටි කාලීන විසදුමක් විදිහට ,මොකද දැන් වි‍රැකියා ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙනවා මේ කෝවිඩ් 19ත් එක්ක.

ඉතින් අපි විශේෂයෙන් ම විදේශ ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම හා සමානවම අලුත් ‍රැකියා අවස්ථා ලබා ගැනීමේ උත්සාහයකත් අපි යෙදෙන්න ඕන.ඒ නිසා අපි රජයක් විදිහට පැහැදිලිවම විදේශ ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වනවා වගේම විදේශ ‍රැකියා අවස්ථා  උත්පාදනය වැඩි කිරීමටත් ඒ අවස්ථාවන් අපේ රටේ දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා.

ඒ අනුව ගරු ප්‍රියංකර ජයරත්න ඇමතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් මේ පිළිබඳව දිස්ත්‍රික් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් යන්න ඕන.මොකද ලංකාව තුළත් ‍රැකියා අවස්ථා තිබෙනවා.එකට අවශ්‍ය පුහුණුව නැතිකම හා දරුවන්ගේ නොදැනුවත්කම තමයි තියෙන ප්‍රශ්න.විදේශ ‍රැකියා සම්බන්ධයෙන් තියෙන්නේත් එයමයි.ඒ නිසා අපේ යෞවන සමාජ දේශපාලන යාන්ත්‍රණය ,යොවුන්සේනාංකය ආදිය හරහා ගමට මේ පණිවිඩය යන වැඩපිළිවෙලක් හදන්න.

ඒ එක්කම කර්මාන්ත අමාත්‍යංශය හා ආයෝජන මණ්ඩලයත් එක්ක එකතුවෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට එක කර්මාන්ත ශාලාවක් ගෙන ඒමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා.

ඒ තුළින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමෙන් ආර්ථික වර්ධනයක් එක්කම ඒ කර්මාන්තශාලාව තුළ ‍රැකියා උත්පාදනය කරන්න.එය අපි මධ්‍යකාලීන හා දිගුකාලීනවශයෙන් ක්‍රියාත්මක කරන එකක්.ඒ අනුව කර්මාන්තශාලාවක් ඉදිකරන්න ඉඩම් හදුනාගැනීම ඊට සුදුසු ජන අනුපාතය ජන ගනත්වය හා කෘෂිකාර්මික ප්‍රදේශනම් ඊට මුල් වෙලා.

කෘෂිකර්ම අමාත්‍යංශය එක්ක තරුණ ගොවි වැඩ සටහන් හා තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කරනවා.අපි දැනට තරුණ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමට ඉඩම් කැබලි ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන්නේ.ඒ අනුව පට පුලුවන් වෙයි ඊළග අවුරුදු 5 ඇතුළත හොඳ ප්‍රගතියක් පෙන්වන්න.”

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් ,රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදාන ගමගේ,සිරිපාල ගමලත්,රොෂාන් රණසිංහ හා පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමි‍ටු සභාපති අමරකීර්ති අතුකෝරල මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද එක්ව සිටිය හ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….